මේ පනත් කෙටුම්පත අලුතින් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය
රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත් කෙටුම්පත අලුතින් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත් කෙටුම්‍පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතියට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් 2024-07-22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණ ද 2024 ඔක්තෝබර් මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා එම පනත් කෙටුම්‍පත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නොහැකි විය.
පසුව එකී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂා කිරීමට නිලධාරීන්ගෙන් සහ විෂය පිළිබඳ ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇත.
මේ සියලුම බලපත්‍ර ක්‍රියාකාරකම් නොවැම්බර් දක්වා තාවකාලිකව අත්හිටුවන බවට නිවේදනයක් - ගාස්තු සංශෝධනය කිරීමටත් සූදානමක්
එම කමිටුව අඳාළ පනත් කෙටුම්පත සඳහා සිදු කළ යුතු සංශෝධනයන් හඳුනා ගෙන තිබෙන අතර, යෝජිත සංශෝධනයන් ඇතුළත් මූලික කෙටුම්පතක් සකස් කර ඇත.
එබැවින් 2024-08-02 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි කටයුතු අත්හිටුවීමටත්, විෂය ප්‍රවීණයන්ගේ කමිටුව මඟින් සකස් කරනු ලැබ ඇති මූලික කෙටුම්පත මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව මෙසේ අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙන බව සඳහන්.