දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනයට කැබිනට් අනුමැතිය...

Report

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව, කවර හෝ ආකාරයකට සිදු කරනු ලබන ශාරීරික දණ්ඩන තහනම් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට සහ ඒ සඳහා සුදුසු නීති සම්පාදනය කිරීමට පසුගිය 29 වැනි දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි අනුමැතිය ලබා දී තිබෙනවා.

දුම්රියක ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට...

දුම්රියක ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට...

එමෙන් ම, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ද ලැබී තිබෙනවා.

එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් පසුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිංස්කරණ අමාත්‍යවරයා දිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි වාර්තා වේ.