දෙවියනේ මෙහෙමත් කරන්න පුලුවන්ද ..පව්ලේ ඔක්කොම මරලා දාලා..(PHOTOS)

India Crime World Murder
By Piyumika Nov 06, 2024 09:28 AM GMT
Piyumika

Piyumika

Report

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ වරනාසිහි පිහිටි නිවසක තිබී කාන්තාවකගේ සහ ඇයගේ දරුවන් තිදෙනාගේ වෙඩි වැදුණු මළ සිරුරු සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ඝාතනයන් සොයාගෙන පැය කිහිපයකට පසු සැමියාගේ මළ සිරුර ද ඉදිකිරීම් වැඩබිමකින් සොයාගෙන ඇති බවටයි මාධ්‍ය වාර්තා කරන්නේ.

මිලියන ගණනක් අල්ලස් ගත්ත නිසා අවුරුදු 35ක් හිරබත් කන්න වෙලා..නිකන් නෙවේ බරපතළ වැඩත් එක්කම..

මිලියන ගණනක් අල්ලස් ගත්ත නිසා අවුරුදු 35ක් හිරබත් කන්න වෙලා..නිකන් නෙවේ බරපතළ වැඩත් එක්කම..

ඔහුගේ සිරුරේ වෙඩි උණ්ඩයක් වැදී ඇති අතර, ඔහු සිය පවුල ඝාතනය කර සියදිවි හානිකරගෙන ඇති බවටයි පොලිසිය සැකකරන්නේ.

දේපළ ආරවුලක් අපරාධයට හේතු වී ඇති බවට සැක කරන බවත්, මෙම පවුලට දේපළ රැසක් ඇති බැවින් ඒ පිළිබඳව ද විමර්ශනය කරන බවත්, පොලිසිය සඳහන් කර තිබෙනවා.

මේ අතර, රාජේන්ද්‍ර ගුප්තා මීට පෙර මිනීමැරුම් නඩු කිහිපයකට මුහුණ දී ඇප මත නිදහස්ව සිටි අයෙකු බව පොලිසිය පවසනවා.

සුරාබදූ ලොක්කා හා ගෝලයන් විදේශගත නොවන බවට ලබා දී ඇති පොරොන්දුව තව දික් කරයි..

සුරාබදූ ලොක්කා හා ගෝලයන් විදේශගත නොවන බවට ලබා දී ඇති පොරොන්දුව තව දික් කරයි..

එමෙන්ම ඔහුගේ පියා, සහෝදරයා සහ නෑනා ඝාතනය කළ බවට එරෙහිව නඩුවක් ද ඔහුට තිබෙන බවටයි මාධ්‍ය වාර්තා කරන්නේ.

තවද, ඔහු වසරකට වැඩි කාලයක් වෙනත් ස්ථානයක නැවතී සිට දිවාලි උත්සවය සඳහා නිවසට පැමිණ ඇති බවටයි වැඩිදුරටත් වාර්තා සඳහන් කරන්නේ.

GalleryGallery
ReeCha