ශ්‍රී පාද වන්දනාවේ සහ කතරගම දේවලයට යන අතරමඟ බිහිසුණු අනතුරක් - 3 දෙනෙකුට තුවාල

Report

ශ්‍රී පාද වන්දනාවේ යන බැතිමතුන් ගමන් කළ පෞද්ගලික බස්රථයක් සහ කතරගම දේවලයට යමින් සිටි පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් ගොඩකවෙල මල්වත්ත ප්‍රදේශයේ දී ගැටීමෙන් ත්‍රිරෝද රථයේ තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව ගොඩකවෙල පොලිසිය වාර්තා කරයි.

ඒ අනුව මෙසේ තුවාල ලැබූ පිරිස අතර වයස අවුරුදු දහයක පිරිමි දරුවෙකු සිටින බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම තුවාලකරුවන් මුලින්ම ගොඩකවෙල රෝහලට ඇතුලත් කළ අතර පසුව තත්ත්වය බරපතළ වීම හේතුවෙන් රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව ගොඩකවෙල පොලීසිය ප්‍රකාශ කළා.

ඇඳ හැලුණු මහ වැස්සෙන් මාර්ගයක් ගිලා බහී - පාසල් දරුවන් ඇතුළු ගමක්ම ලොකු ප්‍රශ්නෙක

ඇඳ හැලුණු මහ වැස්සෙන් මාර්ගයක් ගිලා බහී - පාසල් දරුවන් ඇතුළු ගමක්ම ලොකු ප්‍රශ්නෙක

එමෙන්ම තුවාලකරුවන්ගේ හිසට සහ පාදවලට බරපතළ තුවාල සිදුවූ බවද පොලිසිය සඳහන් කරයි.

එසේම බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගොඩකවෙල පොලීසිය රථවාහන අංශ නිලධාරින් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන බව සඳහන්.  

විශ්වවිද්‍යාල ගැන නරක ආරංචියක් - රජරට විශ්වවිද්‍යාලයේ ලොකු ප්‍රශ්නයක්

විශ්වවිද්‍යාල ගැන නරක ආරංචියක් - රජරට විශ්වවිද්‍යාලයේ ලොකු ප්‍රශ්නයක්

දිස්ත්‍රික්ක 2කට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

දිස්ත්‍රික්ක 2කට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ