බස් හිමියන් එකඟ වේවිද? යළි පාරට බහිද? පරණ වැඩේ ඔන්න ආයෙත් ඇරඹුනා
‘තොරොම්බෝල් කඩ’ පාරේ දුවන්නට මේ මාසයේ නම් කරන දිනකින් පසු හැකියාවක් නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
අද පාර්ලිමේන්තුවේ දී ඒ මහතා මෙසේ පැවසුවේය. ‘වාහන වල කෑලි ගලවන බවට පහුගිය කාලයේ චෝදනා එල්ල වුණා.
අපි ඒ කෑලි ගැලෙව්වා නොවේ.
ඒ කළේ දැනුවත් කිරීමේ වැඩසටහනක් පමණයි. මේ නීතිය තදටම ක්‍රියාත්මක වෙනවා. ප්‍රවාහන ක්ෂේත්‍රයේ ධනාත්මක වෙනසක් කරන්නට අප කටයුතු කරනවා’
මෙම වැඩ පිළිවෙල මෙයට පෙර ද ක්‍රියාත්මක වූ අතර බස් සංගම් සහ විවිධ පාර්ශවයන් දැඩි තීන්දු තීරණ ගැනීමට සුදානම් වුනා. එම අවස්ථාවේදී රජය ඒ පිළිබඳව කරුණු සලකා බලා අදාළ නියෝගය දින 90ට කල් දැමීමට තීරණය කර තිබුනා.