ඉන්දියාවේ බස් රථයක් පෙරළී 9ක් මරුට - 30කට තුවාල
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි අද (12) පෙරවරුවේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.
ඒ වගේම අල්ලුරි දිස්ත්‍රික්කයේ කඳුකර ප්‍රදේශයක ගමන්කර ඇති මෙම බස් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහී පහළ බෑවුමකට පෙරළී ඇති බව වාර්තා වේ.
කැළෑබද මාර්ගයක ගමන්කර ඇති මෙම බස් රථය වංගුවක් ඔස්සේ ගමන් කරමින් සිටියදී මාර්ගයෙන් ඉවතට පැන මෙලෙස අනතුරට ලක්ව තිබේ.
මෙම අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ 35 දෙනෙකු, රියදුරන් දෙදෙනෙකු සහ සහායකයන් කිහිපදෙනෙකු සිට ඇත.
තවද අනතුර සිදුවන අවස්ථාවේ අධික මීදුම් තත්ත්වයක් තිබී ඇත.
ඒ හේතුවෙන් බස් රථයේ රියදුරුට අනතුර සිදු වූ ස්ථානයේ වංගුවක් නොපෙනී යන්නට ඇති බව සඳහන් වේ.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මෙම සිදුවීම පිළිබද සිය ශෝකය පළකර තිබේ.
ඒවගේම විපතට පත් වූවන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 2ක වන්දියක් ලබාදීමට තීරණය කර තිබේ ඒ වගේම ඉන්දීය රජය තීරණය කර ඇත්තේ තුවාල ලැබූවන්ට එරට මුදලින් රුපියල් 50,000ක ලබාදීමටයි.