ඩුබායිහිදී අත්අඩංගුවට ගත් 'බස් ලලිත්' ලබන සතියේ දිවයිනට

Report

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ලලිත් කන්නන්ගර නොහොත් 'බස් ලලිත්' ලබන සඳුදා (24) රාත්‍රියේදී මෙරටට රැගෙන ඒමට නියමිත බව වාර්තා කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විශේෂ පොලිස් කණ්ඩායමක් සැකකරුගේ භාරකාරත්වය ගෙන මෙරටට කැඳවාගෙන ඒම සඳහා මේ වන විටත් ඩුබායි වෙත පිටත්ව ගොස් ඇත.

සියල්ල හඩවමින් සෝ සුසුම් මැද යශෝරාවය සදහටම නික්ම යයි

සියල්ල හඩවමින් සෝ සුසුම් මැද යශෝරාවය සදහටම නික්ම යයි

2025 ඔක්තෝබර් මාසයේදී වාර්තා කළ පරිදි, ශ්‍රී ලංකා පොලීසිය ලබාදුන් රතු නිවේදනයකට අනුව ඩුබායි පොලීසිය විසින් මොහුව අත්අඩංගුවට ගන්නා ලදී.

'බූරුමූණා' ලෙස හඳුන්වන රවිඳු සංඛ ද සිල්වා ලවා හංවැල්ලේදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීම, මන්න රොෂාන් සහ ඔහුගේ සොහොයුරා ඝාතනය කිරීම, හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී 'බනා මන්ත්‍රී' ඝාතනය කිරීම සහ කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී සිදුකළ තුවක්කු ප්‍රහාර ඇතුළු මනුෂ්‍ය ඝාතන සහ කප්පම් ගැනීම් රැසකට මොහු සෘජුවම වගකිව යුතු බවට චෝදනා එල්ල වී තිබේ.

ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය නිකුත් වෙයි - ප්‍රදේශ කිහිපයකට වැසි තවත් තැනකට තද සුළං

ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය නිකුත් වෙයි - ප්‍රදේශ කිහිපයකට වැසි තවත් තැනකට තද සුළං