පා පුවරුවෙන් ඇඳ වැටී පුද්ගලයෙක් මරුට

By Gagana News Mar 11, 2025 07:57 AM GMT
Report

මගී ප්‍රවාහන බස් රථයක ඉදිරිපස පාපුවරුව අසල ගමන් ගත් පුද්ගලයෙකු බස් රථයෙන් ඇද වැටීමෙන් මිය ගොස් ඇති බව වාර්තා වේ.

ඊයේ (10) දහවල් කාලයේදී එම අනතුර සිදුව තිබුණේ රුවන්වැල්ල පොලිස් වසමේ හුඹස්වලාන ප්‍රදේශයේදීය.

රුවන්වැල්ල දෙස සිට දන්නෝරුව දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයකින් එම පුද්ගලයා වැටී ඇති අතර එලෙස මියගොස් ඇත්තේ, හුඹස්වලාන, රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පුද්ගලයෙකි.

මරණකරු හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පාපුවරුවෙහි වාඩි වී ඇති බවත්, ඒ සමඟම පාපුවරුවෙන් ඇද වැටී ඇති බවත්, දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

මෘත ශරීරය කරවනැල්ල රොහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර රුවන්වැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

වාර්තාව මැති සබයට... රනිල්ට විලංගු වැටෙන ලකුණු? (VIDEO)

වාර්තාව මැති සබයට... රනිල්ට විලංගු වැටෙන ලකුණු? (VIDEO)

හදිසියේම stf එකට භාරදෙන්න තීරණයක්... හේතුව දන්නවා ද?

හදිසියේම stf එකට භාරදෙන්න තීරණයක්... හේතුව දන්නවා ද?