බස් ගාස්තුවේ වෙනසක් වෙන්නෙ නැහැ - ජාතික ගමනාගමන කොමිෂන් සභාව
මාසික මිල සංශෝධනයට අනුව ඉන්ධන මිල අඩුවුවත් බස් ගාස්තුවේ වෙනසක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබේ.
මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගන්නා ලදි.
ඒ අනුව සුදු ඩීසල් ලීටරයක් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 06 බැගින් අඩු කෙරුණු අතර, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් පහත දමන ලදි.
කෙසේ වෙතත් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ලංකා සුපිරි ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදුකර නොමැත.
මේ කරුණු දක්වමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කර ඇත්තේ ඉන්ධන මිල අඩුවුවත් බස් ගාස්තුවේ වෙනසක් සිදුනොවන බවයි.