පුද්ගලයින් රැසකට මරු කැඳවු බිහිසුණු බස් රථ අනතුරේ නවතම තොරතුරු.. - මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව ඉහළට..

Police spokesman Accident Death Srilanka Bus Sinhala news
By Shehan May 11, 2025 06:38 AM GMT
Shehan

Shehan

Report

UPDATE - 11.56 - රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 21ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

------------------------------------------------------------------

UPDATE - 11.15 - රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 16ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. එමෙන්ම මෙම අනතුරින් තවත් 40කට අධික පිරිසක් තුවාල ලබා කොත්මලේ ප්‍රාදේශීය රෝහලට සහ නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇත.

------------------------------------------------------------------

UPDATE - 10.55 - රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් තිබේ.

------------------------------------------------------------------

UPDATE - 09.23 - රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව මේ දක්වා එම අනතුරින් මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් ඇත.

------------------------------------------------------------------

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට එම අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 08 දක්වා ඉහළ ගොස් ඇත. අනතුරින් පිරිමි පුද්ගලයින් 05 දෙනෙක් සහ කාන්තාවන් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කොත්මලේ පොලීසිය පැවසීය.

බස් රථයේ රියදුරු ඇතුළු මගීන් 30කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයිද ඔවුන් කොත්මලේ සහ නුවරඑළිය රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇතැයිද වාර්තා වේ. අනතුරින් මියගොස් ඇති පුද්ගලයින් 08 දෙනාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධව කොත්මලේ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි. 



GalleryGalleryGalleryGallery
ReeCha