සිසුවියන් දෙදෙනෙක්ට දිවි අහිමි කළ, බදුලු අනතුරට හේතුව කාර්මික දෝෂයක් ද?. නැත්නම්?.

Sri Lanka Police Sri Lanka Police Investigation Accident Death Latest Headlines
By krishani Nov 03, 2024 02:43 PM GMT
krishani

krishani

Report

පසුගියදා බදුල්ල මහියංගණ මාර්ගයේ අඹගහඔය ප්‍රදේශයේ දී බස් රථයක් පෙරළීමෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුවියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් විය.

ඔවුන් දෙදෙනාගේ අවසන් කටයුතු අද (03) සිදු කෙරිණ.

ඒ, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පූර්ණ අනුග්‍රහය යටතේ ය.

කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ හිටිය.. ලොහාන් රත්වත්තේ ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ හිටිය.. ලොහාන් රත්වත්තේ ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..


අනතුරට හේතුව බස් රථයේ කාර්මික දෝෂයක් ද යන්න සොයා බැලීමට රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

මේ අතර, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ ප්‍රමාණ සමීක්ෂණ අධ්‍යයන අංශයේ සිසුවියන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රථයක් බදුල්ල - පස්සර මාර්ගයේ අඹගහඔය ප්‍රදේශයේ දී පෙරළී අනතුරට ලක් වූයේ පසුගිය 01 වැනිදා ය.

එම අනතුරින් තුවාල ලැබූ 41 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණ.

ඒ වන විටත් සිසුවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබිණ.

ආගමික ස්ථානවල ආරක්ෂාව අයින් කරල ද?. ආරක්ෂක අමාත්‍යාංශය වහාම විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් තබයි.. කීව දෙය මෙන්න..(VIDEO)

ආගමික ස්ථානවල ආරක්ෂාව අයින් කරල ද?. ආරක්ෂක අමාත්‍යාංශය වහාම විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් තබයි.. කීව දෙය මෙන්න..(VIDEO)


ජීවිතක්ෂයට පත් වූ පුබුදි හෙට්ටිමුල්ල නමැති 23 හැවිරිදි සිසුවිය කුරුණෑගල, අඹකොටේ ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.

ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා.

ඉසුරි උමයංගනී නමැති 23 හැවිරිදි සිසුවියද මෙම අනතුරින් මියගිය අතර, ඇය රත්නපුර නිවිතිගල පදිංචිව සිට තිබෙනවා.

ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණේ ද අද පස්වරුවේ දී වේ.

මේ අතර, බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ පැවසුවේ, තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ සිටි තුවාලකරුවන් දස දෙනාගෙන් තිදෙනෙකු මේ වනවිට සාමාන්‍ය වාට්ටු වෙත මාරුකර ඇති බවයි.

බදාදාට රජයේ කාර්යාල ඇරෙන් නැද්ද?.. මොකක්ද වෙන්නෙ එතකොට.. මාලිමා ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න..

බදාදාට රජයේ කාර්යාල ඇරෙන් නැද්ද?.. මොකක්ද වෙන්නෙ එතකොට.. මාලිමා ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න..


බස් රථයේ සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවට විශ්වාස කරන බව, ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

කෙසේ වෙතත් අනතුර සිදු වූයේ කාර්මික දෝෂයකින් ද නැත්නම් රිය ධාවනයේදී සිදු වූ අපරික්ෂාකාරී හේතුවකින් ද යන්න පිළිබඳව පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ReeCha