සති දෙක තුනකින් සියල්ල යථා තත්ත්වයට - මැදපෙරදිග යන අයට වීසා සහ ටිකට් දෙන්න කාර්යාංශය සූදානම්

Report

මැදපෙරදිග රැකියා සඳහා විදෙස්ගත වීමට සූදානමින් සිටියදී පවතින යුද තත්ත්වය හේතුවෙන් ගමන් අවහිර වූ ශ්‍රී ලාංකිකයින් 3,000කට ආසන්න පිරිසකට යළි විදෙස්ගත වීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරමින් පවතින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින් සඳහන් කළේ වීසා ලබාගැනීම සහ ගුවන් ටිකට්පත් වෙන් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට ක්‍රමවත්ව සකස් කරමින් පවතින බවයි.

ඒ අනුව ඉදිරි සති දෙකත් තුනත් අතර කාලය තුළ තත්ත්වය සාමාන්‍යවීමත් සමඟ රැකියා සඳහා විදෙස්ගත වීමට නැවත අවස්ථා ලැබෙනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

ආරක්ෂක හේතු මත කල් දමපු කමේනිගේ අවමංගල්‍යයේ සියලු රහස් සැලසුම් එළියට

ආරක්ෂක හේතු මත කල් දමපු කමේනිගේ අවමංගල්‍යයේ සියලු රහස් සැලසුම් එළියට

විදේශ සේවා නියුක්ති කාර්යාංශය මැදපෙරදිග රටවලට ශ්‍රමිකයන් යැවීම සහ පුහුණු කිරීමේ වැඩසටහන් අඛණ්ඩව සිදුකරමින් සිටින අතර එම ක්‍රියාවලියට බාධාවක් නොමැති බවද ඔහු අවධාරණය කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, කුවේට්, ඕමාන්, බහරේන්, කටාර් සහ ඊශ්‍රායලය ඇතුළු මැදපෙරදිග රටවල මේ වන විට ශ්‍රී ලාංකිකයින් මිලියනයකට ආසන්න පිරිසක් රැකියා කරමින් සිටින බවද වාර්තා වෙනවා. 

ජූනි 1 සිට මැලේසියාවෙන් දැඩි නීතියක් - 16න් පහළ හැමෝටම සමාජ මාධ්‍ය තහනම්

ජූනි 1 සිට මැලේසියාවෙන් දැඩි නීතියක් - 16න් පහළ හැමෝටම සමාජ මාධ්‍ය තහනම්