පාසලකින් උණ්ඩ තොගයක් - තත්ත්වය දරුණුයි
අද (14) දින තලාව, රත්මල්ගහවැව පාර ප්‍රදේශයේ මුදුනේගම පාසල අසල හිස් උණ්ඩ කොපු තොගයක් සහ ජීව උණ්ඩ තොගයක් සොයාගෙන ඇත.
සොයාගත් අදාළ උණ්ඩ තොගය T-56 වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ වන පොලීසිය වාර්තා කරයි.
අදාළ උණ්ඩ තොගය තඹුත්තේගම මූලස්ථාන පොලීසිය විසින් සොයාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පොලීසිය විසින් සිදුකරනු ලබයි.