ලාංකික ජනයාගේ දහසකුත් ප්‍රාර්ථනා මැද.. මාලිමා ආණ්ඩුවේ මංගල අයවැය පැවැත්වෙන දිනය මෙන්න..
එළැඹෙන සඳුදා (17) දින 2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
එදින උදෑසන අයවැය කතාව 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ දී සිදු කරනු ඇත.
පසුව අයවැය විවාදය පෙබරවාරි 18 සිට මාර්තු 21 දක්වා පැවැත්වීමට නියමිත බව සදහන් වේ.
එමෙන්ම, පෙබරවාරි 9 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2025 වසර සඳහා විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා දින 7 ක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
තවද, පෙබරවාරි 25 වැනිදා පස්වරු 6.00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත.
You May Like This Video👇