සිංහරාජයේ හොර පතලක් නිසා බුද්ධශාසන ඇමති පොලිසියට...

By Piyumika Feb 10, 2025 02:32 AM GMT
Report

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

ජුන්නෝ නිසා සින්නො දෙගොල්ලක් ගහගෙන දෙන්නෙක් රෝහලේ...

ජුන්නෝ නිසා සින්නො දෙගොල්ලක් ගහගෙන දෙන්නෙක් රෝහලේ...

ඔහුගේ නම සම්බන්ධ කරමින් සමාජ මාධ්‍යයේ සංසරණයවන අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් තමන් මෙම පැමිණිල්ල සිදුකළ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

“සුනිල් සෙනවි ඇමතිගේ ව්‍යාපාරික මිතුරා සිංහරාජ පිවිසුමේ හොර පතලක් දාලා” යනුවෙන් සමාජ මාධ්‍යයේ ඔස්සේ මෙම අසත්‍ය පුවත පැතිර යමින් පවතින බවයි ඔහු සඳහන් කර සිටියේ.

ඉතුරු සල්ලි ඉල්ලන් පස්සෙන් ගිය කාලේ ළගදීම ඉවරයි.. කොන්දොස්තර රස්සාවටත් තට්ටු වෙන හැඩයි..

ඉතුරු සල්ලි ඉල්ලන් පස්සෙන් ගිය කාලේ ළගදීම ඉවරයි.. කොන්දොස්තර රස්සාවටත් තට්ටු වෙන හැඩයි..

මෙම අසත්‍ය පුවතේ පළව ඇති ආකාරයට ව්‍යාපාරික මිතුරෙක් තමන්ට නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය සුනිල් සෙනෙවි ඊයේ (09) දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කර සිටියේ.

අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ පෙබරවාරි  08 දිනයේ දී තමන් මෙම පැමිණිල්ල සිදුකළ බවයි.

You may like this video