නැගණිය කෙලෙසූ සහොදරයා අත්අඩංගුවට ..
By Piyumika
හෝමාගම මූලස්ථාන පොලීසිය විසින්, වයස අවුරුදු 16ක දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම දැරියගේම වැඩිමහල් සහෝදරයා වන අතර දැරියගෙන් මේ පිළිබඳ ප්‍රකාශයක්ද පොලිසිය විසින් ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 23ක් වයසැති රෝහලවත්ත, හෝමාගම ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන අතර ඔහු මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහිවූවකු බවට මේ වන විට කරුණු අනාවරණය වී තිබේ .
අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර වැඩිදුර විමර්ශන හෝමාගම මූලස්ථාන පොලිසිය විසින් සිදුකිරීමට නියමිතය.