බ්‍රිතාන්‍යයේ දැඩි වෙන්න යන ආගමන නීති

Report

බ්‍රිතාන්‍යයේ ආගමන නීති දැඩි කිරීමට බ්‍රිතාන්‍ය රජය සැලසුම් කර තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ සංක්‍රමණිකයන් පහත දැමීමේ අරමුණෙන් මෙය ක්‍රියාත්මක කිරීමට සැරසෙන බවට තොරතුරු වාර්තා වේ.

එවිට රටට පැමිණෙන සංක්‍රමණිකයින් පදිංචි වීමට ගත වන කාලය දෙගුණයක් කිරීමට ඔවුන් උත්සාහ කරයි.

බස්රියෙන් අනතුරට ලක්වූ සය මස් බිලිදාට සැත්කමක්

බස්රියෙන් අනතුරට ලක්වූ සය මස් බිලිදාට සැත්කමක්

ඒ අනුව බ්‍රිතාන්‍ය රජය සැලසුම් කර ඇත්තේ සියලුම වීසා අයදුම්කරුවන් සහ ඔවුන්ගේ වැඩිහිටි යැපෙන්නන් සඳහා ඉංග්‍රීසි පරීක්ෂණ දැඩි කිරීමටයි.

එසේම එක්සත් රාජධානියේ පදිංචි වීමට අයදුම් කිරීමට තිබූ කාලය දීර්ඝ කිරීමටත් ඔවුන් සැලසුම් කර තිබෙනවා.

එබැවින් එරට රජය තීරණය කර ඇත්තේ මේ වන තෙක් ඒ සඳහා වූ වසර 05කට පසු ස්වයංක්‍රීයව පදිංචි තත්ත්වය ලබා ගැනීමට තිබූ කාලය වසර 10ක් දක්වා දීර්ඝ කිරීම බව වාර්තා වේ.

මෙහි දී බ්‍රිතාන්‍ය රාජ්‍ය ජාත්‍යන්තර සිසුන් බඳවා ගැනීමට තිබූ ඇතැම් කරුණු සංශෝධනය කිරීමට අපේක්ෂා කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව උපාධිධාරීන්ට සිය අධ්‍යයන කටයුතුවලින් පසු එක්සත් රාජධානියේ රැඳි සිටීමේ හැකියාව මාස 18ක කාලයක් දක්වා අඩු කිරීමට ද බ්‍රිතාන්‍ය රාජ්‍ය අවධානය යොමු කර ඇති බව සඳහන්.

තව ද එරට ශ්‍රම වෙළෙඳපොළ ශක්තිමත් කිරීමට ද ඔවුන් අපේකෂා කරයි.

තානාපති නිල නිවසේ තිබූ රන් භාණ්ඩ තොගයක් කොල්ලකයි

තානාපති නිල නිවසේ තිබූ රන් භාණ්ඩ තොගයක් කොල්ලකයි

ඒ සංක්‍රමණ මත රඳා නොසිට ශ්‍රම වෙළෙඳපොළේ තත්ත්වය මත සිටීමෙන්.

බ්‍රිතාන්‍ය රජයේ නිල වෙබ් අඩවිය මේ සම්බන්ධයෙන් සඳහන් කරන්නේ සංක්‍රමණ අඩු කිරීමටත්, දේශසීමා පාලනය යථා තත්ත්වයට පත් කිරීම සඳහාත් මෙම පියවර ගැනීමට අපේක්ෂා කරන බවයි.