තානාපති නිල නිවසේ තිබූ රන් භාණ්ඩ තොගයක් කොල්ලකයි
By Kaushi
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් තානාපතිවරියකගේ නිවසකින් රන් භාණ්ඩ තොගයක් කොල්ල කෑ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව වාර්තා කරයි.
ඒ අනුව මෙසේ රන් භාණ්ඩ සොරා ගෙන ඇත්තේ ස්විට්සර්ලන්ත තානාපතිවරියගේ නිල නිවසින් බව සඳහන්.
සොරකම් කළ රන් භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 45ක් බව පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය නිවේදනය කර සිටියේ රන් භාණ්ඩ තොගය සොරකම් කිරීමේ සිද්ධියට අදාළව ආරක්ෂක අංශයේ සේවයේ යෙදී සිටි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
මෙසේ අත්අඩංගුවට ගත් දෙදෙනා වැලිගම සහ මොරටුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
පොලිස් ප්‍රකාශක ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් තල්දුව මහතා පවසා සිටියේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් ලෙස සේවය කළ ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් වයස අවුරුදු 32 ක පසුවන අතර අනෙක් පුද්ගලයා වයස අවුරුදු 52 පසුවන්නෙක් බවයි.