බ්‍රිතාන්‍යය ජාතික Hollie Arnold නැවතත් පැරාලිම්පික් පිටියට...

By Parami Dissanayake May 16, 2024 02:17 PM GMT
Report

හිටපු පැරාඔලිම්පික් හෙල්ල විසි කිරීමේ ශූර හොලී ආර්නෝල්ඩ් වසර ගණනාවකට පසු ව නැවතත් ක්‍රීඩා පිටියට පැමිණීමට සුදානම් බව වාර්තා වේ.

29 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික ක්‍රීඩිකාව ධාවන පථයේ සහ ඉන් පිටත අභියෝගවලට මුහුණ දී ඇති නමුත් මෙවර පැරිසියේ පැරාලිම්පික් ශූරතාව නැවත ලබා ගැනීම ඉලක්ක කරගෙන සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2020 දී ඇය තම F46 කාණ්ඩයේ ලෝක හා යුරෝපීය ශූරිය සහ ලෝක වාර්තා දරන්නා වූ අතර වසර කිහිපය පුරාවටම 2016 රියෝ පැරාලිම්පික් උළෙලේදී ඇය දිනාගත් කිරුළ ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ අතර, ආර්නෝල්ඩ් ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියට ගොස් තම ශූරතාවය ආරක්ෂා කර ගැනීමට ගියද, තරගයේ අවසන් වටයට පිවිසීමෙන් පසුව, ප්‍රතිවාදීන් වන නවසීලන්තයේ හොලි රොබින්සන් සහ නෙදර්ලන්තයේ නොයෙල් රූර්ඩා ඇයව අභිබවා ගියා ය.

හිටපු ජනපති මෛත්‍රිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්...

හිටපු ජනපති මෛත්‍රිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්...


එබැවින්, ඇයට හිමි වුයේ ලෝකඩ පදක්කමයි. ඒමේන ම,පසුගිය වසරේ ප්‍රංශ අගනුවර පැවැති ”Worlds” තරගයට ඉදිරිපත් වී පස්වන ලෝක ශූරතාව දිනා ගැනීමට ද ඇය සමත් වුවා.

ඒ අනුව ,විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ, ඇයගේ පවුලේ ප්‍රශ්න හා සියලුම මානසික බිඳවැටීම් මධ්‍යයේ හොලී ආර්නෝල්ඩ් මෙවර පැරාලිම්පික් තරග සඳහා සහභාගීවීමට අපේක්ෂා කරන බවයි