හිටපු ජනපති මෛත්‍රිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්...

Maithripala Sirisena Sri Lanka Government Of Sri Lanka
By Parami Dissanayake May 16, 2024 01:54 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

 අද (16 වැනිදා) හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විකුණා ලබාගත් අත්තිකාරමකින් පාස්කු වින්දිතයන්ගේ වන්දිය ගෙව්වා දැයි විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා ලංකා නිදහස් පක්ෂයේ හිටපු විධායක සභිකයකු වන මොන්ටේගු සරච්චන්ද්‍ර විසින් මෙලෙස අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට රුපියල් කෝටි 10 ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපතිවරයාට නියෝග කර තිබූ බවත්, එම නියෝගය පරිදි ඔහු විසින් මුලදී රුපියල් කෝටි එකහමාරක මුදලක් ගෙවා තිබුණු බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ.

ඉතිරි වන්දි මුදල් ගෙවීමට තමන්ට වත්කමක් නොමැති බවත්, තමන්ගේ ආදායම වන්නේද ජනාධිපති විශ්‍රාම වැටුප සහ මන්ත්‍රි වැටුප පමණක් බැවින්, එහි ඉතිරි මුදල වසර 10 ක් තුළදී කොටස් වශයෙන් ගෙවීමට අවසර ලබාදෙන ලෙසත් හිටපු ජනාධිපතිවරයා සිය නීතිඥවරයා මගින් ඉල්ලා සිටි බවට මාධ්‍ය මගින් ප්‍රචාරය වූයේ යැයි අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් වූ පැමිණිල්ලේ සඳහන් වේ.

දියතලාව ෆොක්ස්හිල් හිල් මෝටර් රථ අනතුරින් තුවාල ලැබූ සිසුවියක් මියයයි...

දියතලාව ෆොක්ස්හිල් හිල් මෝටර් රථ අනතුරින් තුවාල ලැබූ සිසුවියක් මියයයි...


අදාළ ඉතිරි වන්දි මුදල ගෙවීමට පිටකොටුවේ බෝගහ අසල ලේන්සුවක් දමාගෙන මිනිසුන්ගෙන් හිඟා කෑමට තමන්ට සිදුවිය හැකි බවද විවිධ අවස්ථාවන්හි දී හිටපු ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති අතර, එම වින්දිතයන්ගේ අරමුදල වෙත රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් තැන්පත් කළේ කෙසේද? යන්න පිළිබඳව ගැටලු සහගත බව අල්ලස් කොමිසම වෙත පැමිණිල්ල ඉදිරිපත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු විධායක සභික දන්වා සිටියි.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් ලැබුණු ආකාරය පිළිබඳව කඩිනම් විමර්ශනයක් සිදුකර අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

එමෙන් ම, අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් කරන ලද අදාළ පැමිණිල්ලේ පිටපත් පොලිස්පති, නීතිපතිවරයාට ද ඉදිරිපත් කර තිබේ.

ReeCha