නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජේගේ නිවසට හදිසියේ අල්ලස් කොමිසමෙන් පනී.. පාන්දර වෙනකල් පැය ගාණක් මුළු නිවසම පරීක්ෂාවට
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සංජේ සමරසිංහගේ ගල්කිස්ස පිහිටි නිවස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සෝදිසියට ලක් කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්ය ප්රකාශක නීතිඥ මනෝජ් ගමගේ පවසන බව වාර්තා වේ.
ඒ අනුව කළ විමසා බැලීමේදී වාර්තා වූයේ ඊයේ (16) රාත්රී 10.30 පමණ ආරම්භ වූ මෙම සෝදිසි කිරීම අද (17) අලුයම 4.30 පමණ වන තෙක් පැවති බවයි.
එසේම එහිදී නිලධාරීන් විසින් මුළු නිවසම පරීක්ෂාවට ලක් කරමින් ප්රකාශ සටහන් කරගෙන ඇති බවත් වාර්තා විය.
කෙසේ වෙතත් නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම පරීක්ෂාව සිදුකිරීමට හේතුව හෝ ඒ සම්බන්ධයෙන් නිල ලෙස වැඩිදුර තොරතුරු ලබාදීමට ආයතන කටයුතු කර නොමැති බවයි.
එබැවින් ඒ පිළිබඳව දහවල් වන විට වැඩිදුර තොරතුරු අනාවරණය කරන බවත් සඳහන්.