උසාවි බිමේ අල්ලස් ගත් පොලිස් සැරයන්ට වැඩ වරදී

By Gagana News Mar 13, 2025 12:44 AM GMT
Report

රුපියල් 15,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගත් හැටන් මූලස්ථාන පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු අල්ලස් චෝදනා මත ඊයේ (11) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අංගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන් වන අතර පැමිණිලිකරුට විරුද්ධව හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවකින් පැමිණිලිකරු සහ ඔහුගේ බිරිඳ නිදහස් කරදී එම නඩුව අවසන් කරදීමට අවශ්‍ය කටයුතු සිදුකරදීම සඳහා අදාළ සැරයන්වරයා ඉහත මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ඇත.

කෙසේ නමුත් ඔහු පළමුව රුපියල් 20,000ක් අල්ලස් වශයෙන් ඉල්ලා, පසුව එය රුපියල් 15,000ක් දක්වා අඩුකර ඉල්ලා ලබාගත් අවස්ථාවේදී අත්අඩංගුවට පත්ව තිබේ.

මෙම සැරයන්වරයා ඊයේ (11) පෙ.ව. 11ට පමණ හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගන්නා ලද සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 18වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ඇත. 

දේශබන්දු සොයා CIDය සාගලගේ ගෙදරට

දේශබන්දු සොයා CIDය සාගලගේ ගෙදරට

වෛද්‍යවරියව කෘෘර ලෙස දූෂණය කළ සැකකරු ගැන සියල්ල හෙළිවෙයි! (Video)

වෛද්‍යවරියව කෘෘර ලෙස දූෂණය කළ සැකකරු ගැන සියල්ල හෙළිවෙයි! (Video)