පාන් කාලත් ඉවරයි - මිල වැඩි කරා මදිවට පාන්වල තවත් අර්බුදයක් - පාරිභෝගිකයන්ගෙන් චෝදනා

Report

පාන් පිටි මිල ඉහළ යාමත් සමඟ පාන් ගෙඩියක මිල රුපියල් 10කින් වැඩි කිරීමට බේකරි හිමියන් පියවර ගත්තද, හැටන් සහ ඒ අවට ප්‍රදේශවල අලෙවි කරන පාන් නියමිත බරින් යුක්ත නොවන බවට පාරිභෝගිකයෝ චෝදනා කරයි.

ඒ අනුව ඔවුන් චෝදනා කරන්නේ සාමාන්‍ය පාන් ගෙඩියක බර ග්‍රෑම් 450ක් විය යුතු වුවද, හැටන් ආශ්‍රිත බොහෝ බේකරිවල නිපදවන පාන් ගෙඩියක බර ග්‍රෑම් 350ත් 400ත් අතර පවතින බවටයි.

එසේම ජනතාව සඳහන් කරන්නේ වැඩි මුදලක් ගෙවා පාන් මිලදී ගත්තද, නියමිත බර ප්‍රමාණය නොලැබීම නිසා තමන් අසාධාරණයට පත්වන බවයි.

ඉන්ධන ගන්න QR කෝඩ් එක ගැන විශේෂ දැනුම්දීමක් - QR එක බැලුවේ නැත්තම් වැඩ වරදී

ඉන්ධන ගන්න QR කෝඩ් එක ගැන විශේෂ දැනුම්දීමක් - QR එක බැලුවේ නැත්තම් වැඩ වරදී

එමෙන්ම පිටි මිල රුපියල් 17කින් ඉහළ ගිය සැනින් පාන් මිල රුපියල් 10කින් වැඩි කිරීමට කටයුතු කළ බේකරි සංගම් සහ බේකරි හිමියන්, පාන්වල බර ප්‍රමාණය පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකිරීම කණගාටුවට කරුණක් බවට ද ඔවුන් දක්වයි.

ඊට අමතරව පාන් මිල ඉහළ දමමින් සහ බර අඩු කරමින් ජනතාව ගසාකන බේකරි හිමියන් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ගේ දැඩි අවධානය යොමු විය යුතු බවත් අවධාරණය කර ඇත.

ඒ අනුව ජනතාව වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ නියමිත බරට අඩුවෙන් පාන් නිපදවන බේකරි වැටලීමටත්, ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් බලධාරීන් වහාම මැදිහත් විය යුතු බවයි.   

ලංකාව ලෝක වෙළඳපොළ හොල්ලයි - සැප්තැම්බර් 02 වැනිදාට රට පුරා අරඹන්න යන ජාතික වැඩසටහන මෙන්න

ලංකාව ලෝක වෙළඳපොළ හොල්ලයි - සැප්තැම්බර් 02 වැනිදාට රට පුරා අරඹන්න යන ජාතික වැඩසටහන මෙන්න

රටේ තෙල් හිඟය ගැන බය ඉවරයි - සිපෙට්කෝවෙන් සුභ ආරංචියක් - තෙල් ටැංකි යථා තත්ත්වයට

රටේ තෙල් හිඟය ගැන බය ඉවරයි - සිපෙට්කෝවෙන් සුභ ආරංචියක් - තෙල් ටැංකි යථා තත්ත්වයට