දෙවියනේ මේ තරම් භයානක තත්වයක්..ලොව පුරා බිලියන 4කට ආසන්න පිරිසකට මොළය ආශ්‍රිත රෝගයක්..

Brain Cancer Brain Tumour Brain Stroke Latest Headlines
By Sewvandhi Dec 20, 2024 11:12 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්නවයෙන් ඊයේ (19) ,මොළයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරිම සදහා ලොව ප්‍රථම වරට මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ පුහුණුව ලත් 100 දෙනෙකුගෙන් යුත් සන්නාම තානාපතිවරුන් හෙවත් ජනතාව දැනුවත් කිරීමේ කණ්ඩායමක් ස්වේච්ඡා සේවය සදහා යොමු කරවීම සිදුවිය.

ඒ (19) රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දීය. මෙලෙස සන්නාම තානාපතිවරුන් ලෙස පත් කර තිබෙන්නේ, එම විශ්ව විද්‍යාලය හා ඊට අනුබද්ධ රෝහල මගින් එම ආයතන දෙකේ සියළු අංශ නියෝජනය වන පරිදි තෝරාගත් 100 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම විශේෂ පුහුණුවකින් පසුවයි.

මෙම සන්නාම තානාපතිවරුන් “මොළයේ සුවයට නිවැරදි කරුණු 10 ක්” නම් වූ මොළයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සදහා වූ ප්‍රධාන කරුණු 10 ක් පිළිබදව ඉදිරියේ දී ජනතාව දැනුවත් කිරීම සදහා සමාජගතවීමට නියමිතය.

වහාම මෙරට ආරක්ෂාව තර කෙරේ..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්..!

වහාම මෙරට ආරක්ෂාව තර කෙරේ..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්..!

සෞඛ්‍ය සම්පන්න ආහාර රටාව, කායිකව ක්‍රියාශීලිවීම, යහපත් පුරවැසියෙකු වී සමාජීය සබඳතා ඇතිකර ගැනීම, ශාරීරික බර හා ඉණ වට ප්‍රමාණය කළමණාකරණය, දුම්බීමෙන් වැලකීම, කොලෙස්ටරෝල් මට්ටම කළමණාකරණය, රුධිර ගත සීනි මට්ටම කළමණාකරණය, රුධිර පීඩනය කළමණාකරණය, ධනාත්මක මානසික ආතතිය කළමණාකරණය, සුවදායි නින්ද යන කරුණු 10 මේ තුළ ඇතුළත් වේ.

බිලියන 08 ක් වන ලෝක ජනගහනය අතුරින් බිලියන 3.4 ක් මේ වනවිට මොළයේ රෝගයකින් පීඩා විදින බවත්, මොළයේ රෝග 400 ක් පමණ මේ වනවිට හදුනාගෙන ඇති බවත් මෙහිදි අනාවරණය වූණා.

මොළයේ ප්‍රධාන ‌රෝග ලෙස අංශභාගය, ඩිමෙන්ෂියාව, මයිග්‍රේන් ඇතුළු හිසරද රෝග, අපස්මාර රෝගය, දියවැඩියා රෝගය නිසා පර්යන්ත ස්නායු වලට හානිවීම මිනිස් ජිවිතයටම වැඩිපුරම බලපෑම් සිදු කරන රෝග ලෙස හදුනාගෙන ඇති බවත් මෙහිදි සාකච්ඡා විය.

අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නෙවිල් සිල්වා සම්බන්ධයෙන් අධිකරණයෙන් අද ලැබුණු නියෝගය..!

අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නෙවිල් සිල්වා සම්බන්ධයෙන් අධිකරණයෙන් අද ලැබුණු නියෝගය..!

එමෙන්ම මොළයේ රෝග පිළිබදව නිසි දැනුවත්භාවය ලබාදීම තුළින් සියයට 90 කටත් වඩා රෝග වළක්වා ගැනීමට හැකියාව ලැබෙන බව ද මෙහිදී අනාවරණය විය. ගෝලීය රෝගීන් වෙනුවෙන් පෙනී සිටින සන්ධානය (Global Patient Advocacy Coalition-GPAC) සහ ප්‍රමුඛ ජාත්‍යන්තර සංවිධානය (Leading international organization) යන සංවිධාන මෙම වැඩපිළිවෙල සඳහා දායකත්වය ලබා දීමට ඉදිරිපත්ව සිටියි.

……………………………………………………………………………………………………

You may like this video 👇




ReeCha