වහාම මෙරට ආරක්ෂාව තර කෙරේ..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්..!

Police spokesman Sri Lanka Police Christmas Ministry of Defense Sri Lanka Latest Headlines
By Sewvandhi Dec 20, 2024 08:26 AM GMT
Sewvandhi

Sewvandhi

Report

එළැඹෙන නත්තල් හා අලුත් අවුරුදු උදාවත් සමග මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සුදානම් කර තිබේ.

බස්නාහිර පළාත තුළ පමණක් ඒ වෙනුවෙන් පොලිස් නිලධාරීන් 6,500කට අධික පිරිසක් යොදවා ඇති බවයි, මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිවේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසා සිටියේ.

ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වූ ගමන්ම බෙහෙත් ගන්න ඕනද..?;කොලෙස්ටරෝල් ගැන හරියටම දැනගෙන ජීවිතය රැක ගනිමු..!

ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වූ ගමන්ම බෙහෙත් ගන්න ඕනද..?;කොලෙස්ටරෝල් ගැන හරියටම දැනගෙන ජීවිතය රැක ගනිමු..!

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ආගමික ස්ථාන හා කඩසාප්පු ආශ්‍රිතව සිටින සොරුන් සහ අපරාධකරුවන් හඳුනා ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් 500කට අධික පිරිසක් සේවයට යෙදවීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම කතෝලික දේවස්ථාන ඇතුළු ආගමික ස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් දිවයින පුරා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

බන්ධනාගාරයේ පාතාල කල්ලි ගැටුමක් - නවතම තොරතුරු මෙන්න..

බන්ධනාගාරයේ පාතාල කල්ලි ගැටුමක් - නවතම තොරතුරු මෙන්න..

"මේ සියලු දේ ඔබ වෙනුවෙන් සිදුකිරීමට ඔබගේ සහාය අවශ්‍යයි. ඔබ අසල සිටින නන්නාඳුනන පුද්ගලයින් ඒ වගේම සැකකටයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් ළඟම තියෙන පොලීසියට දැනුම් දෙන්න. ඔබගේ දේපළ, මුදල් ගැන නිරතුරුව සුපරික්ෂාකාරී වෙන්න.

…………………………………………………………………………………

You may like this video 👇



ReeCha