නව මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාවයේ දැන් තත්ත්වය විශේෂ අනාවරණයක් - ගැටුමට හේතුවත් හෙළිවෙයි

Report

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කා මහතා පවසයි.

මෙම සිද්ධියට මුල් වූ බවට සැකකෙරෙන රැඳවියන් දස දෙනෙකු පමණ වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට ද පියවර ගෙන ඇත.

බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් - තත්ත්වය නිරීක්ෂණයට ඩ්‍රෝන යානා ද යොදවයි

බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් - තත්ත්වය නිරීක්ෂණයට ඩ්‍රෝන යානා ද යොදවයි

බන්ධනාගාර තාප්පයට ඉහළින් ඇතුළට විසි කරන ලද කුඩා පාර්සලයක් බන්ධනාගාර නිලධාරියෙකු භාරයට ගැනීමත් සමඟ මෙම නොසන්සුන්තාව ආරම්භ වී තිබේ.

ඉන් අනතුරුව සිරමැදිරියක අගුළු කඩාගෙන රැඳවියන් 40 කට අධික පිරිසක් පිටතට පැමිණ කලහකාරී ලෙස හැසිරී ඇත. කෙසේ වෙතත් බන්ධනාගාර නිලධාරීන්, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් එක්ව තත්ත්වය පාලනය කර එම රැඳවියන් යළි සිරකුටි වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.

මේ ලග්න හිමියන්ට අද ජීවිතයේ සුවිශේෂී දවසක් - මේ ලග්න පලාපල නොබල එළියටවත් යන්න එපා

මේ ලග්න හිමියන්ට අද ජීවිතයේ සුවිශේෂී දවසක් - මේ ලග්න පලාපල නොබල එළියටවත් යන්න එපා

බන්ධනාගාර පරිශ්‍රයේ සහ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ද යොදවා ඇති අතර, තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානා ද භාවිත කර ඇත.