නැවත මතුවූ බෝම්බ බිය

Anuradhapura Sri Lanka Prevention of Terrorism Act Bomb Blast Sinhala news
By Ashfa Apr 30, 2025 12:46 PM GMT
Ashfa

Ashfa

Report

අනුරාධපුර රුවන්වැලි සෑ පුදබිමට ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලැස්මක් පිලිබදව තොරතුරක් පොලිස් හදිසි ඇමතුම් අංකයට (119) ලැබී ඇත.

රුවන්වැලි සෑ පුදබිමට දහවල් 12ට බෝම්බයක් රැගෙන පුද්ගලයෙකු පැමිණෙන බවට (28දා) ලැබුණු තොරතුරකට අනුව රුවන්වැලිසෑ පුදබිම තුළ පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව ඒකාබද්ධව විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළ බව අනුරාධපුර මූලස්ථාන පොළීසිය ප්‍රකාශ කරයි.

මාරාන්තික රෝගයක් යළි පණ අරන්

මාරාන්තික රෝගයක් යළි පණ අරන්

මෙලෙස දුරකතන ඇමතුම ලබාදුන්නේ තමන් වෛද්‍යවරක් ලෙස පවසමින් කුරුණෑගල ප්‍රදේශයේ කාන්තාවක්ය.

දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ රුවන්වැලි‍සෑය පුදබිම හා ඒ අවට දැඩි පරීක්ෂණ මෙහෙයුමක් දියත් කලද සෝදිසි කිරීම් වලදී සැක කටයුතු පුද්ගලයෙකු හෝ කිසිවක් හමු නොවූ බවද පොලීසිය වාර්තා කරයි.

රතු පැටව් හෙට ගොල්පෙස් පිටියේදී

රතු පැටව් හෙට ගොල්පෙස් පිටියේදී

මෙම ඇමතුම් සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන කටයුතු සිදු කරණ බවටත් ලබා දුන් තොරතුර ව්‍යාජ තොරතුරක් බවට අනාවරණය වුවහොත්, ඒ සම්බන්ධයෙන් අදාළ පුද්ගලයාට නිතිය ක්‍රියාත්මක කරන බවටත් උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

ReeCha