ගිනිගෙන විනාශ වූ BMW රථයට වසර 14කට පසු විශාල වන්දියක් - රක්ෂණ සමාගම සමඟ දිගු සටනක්

Report

ටයරයක් සිදුරු වීම හේතුවෙන් මාර්ගය අසල නවතා ගිය BMW මෝටර් රථය පසුදා වන විට ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබීමෙන් පසු, රක්ෂණ වන්දිය ලබාගැනීම සඳහා වසර 14ක් පුරා නීතිමය සටනක නිරත වූ ඉන්දීය ජාතිකයෙකුට ඉන්දීය රුපියල් ලක්ෂ 70ක රක්ෂණ වන්දියක් ඇතුළු රුපියල් ලක්ෂ 70.75ක මුදලක් ගෙවන ලෙස පාරිභෝගික කොමිසම නියෝග කර තිබේ.

මෙම සිද්ධියට අදාළව රක්ෂණ සමාගම වන United India Insurance Company වෙත අදාළ වන්දියට අමතරව පොලිය ද ගෙවන ලෙස නියම කර ඇත.

2012 වසරේ සිදුවූ සිද්ධිය

රවිකාන්ත් එස්. පටිල් නමැති BMW රථයේ හිමිකරු 2012 මාර්තු 8 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ධුල්ඛෙඩ් ප්‍රදේශය ආසන්නයේ ප්‍රාන්ත මහා මාර්ගයක ගමන් කරමින් සිටියදී ඔහුගේ මෝටර් රථයේ ටයරයක් සිදුරු වී තිබේ.

රාත්‍රී කාලයේ අලුත්වැඩියාකරුවෙකු සොයාගැනීමට නොහැකි වූ බැවින් ඔහු මාර්ගය අසල අවන්හලක් අසල රථය නවතා, දොරවල් අගුළු දමා වෙනත් වාහනයකින් නිවසට ගොස් තිබේ.

පසුදා රථය රැගෙන යාමට පැමිණි අවස්ථාවේදී එය ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබූ බව වාර්තාවේ සඳහන් වේ.

කෙසේ වෙතත්, රක්ෂණ වන්දිය ඉල්ලා සිටි අවස්ථාවේදී රක්ෂණ සමාගම එය ගෙවීම ප්‍රතික්ෂේප කර තිබේ. රථය රාත්‍රිය පුරා අධීක්ෂණයකින් තොරව තැබීමෙන් රක්ෂණ ඔප්පුවේ සඳහන් සාධාරණ ආරක්ෂක පියවර ගැනීමේ වගකීම උල්ලංඝනය කර ඇති බව සමාගම එහිදී පෙන්වා දී ඇත.

ලැව්ගින්නෙන් ගිනිගෙන විනාශ වූ බෝර්නියෝ වනයෙන් - ඔරංඔටන් පැටවුන් ඇතුළු අටදෙනෙක් යළි වනයට මුදාහරියි

ලැව්ගින්නෙන් ගිනිගෙන විනාශ වූ බෝර්නියෝ වනයෙන් - ඔරංඔටන් පැටවුන් ඇතුළු අටදෙනෙක් යළි වනයට මුදාහරියි

රක්ෂණ සමාගමේ තර්කය කොමිසම ප්‍රතික්ෂේප කරයි

එහෙත්, අක්‍රිය වූ වාහනයක් අධීක්ෂණයකින් තොරව තැබීම සම්පූර්ණයෙන්ම තහනම් කරන කොන්දේසියක් රක්ෂණ ඔප්පුවේ නොමැති බව පාරිභෝගික කොමිසම නිරීක්ෂණය කර තිබේ.

රථය මාර්ගයෙන් ඉවතට ආරක්ෂිත ස්ථානයක නවතා, දොරවල් අගුළු දමා ජනේල ආරක්ෂිතව තැබීමෙන් පටිල් සාධාරණ ආරක්ෂක පියවර ගෙන ඇති බව ද කොමිසම සඳහන් කර ඇත.

එමෙන්ම, රථය අධීක්ෂණයකින් තොරව තැබීම සහ ගින්න හටගැනීම අතර සෘජු සම්බන්ධයක් ඇති බවට තහවුරු කරන ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව ද කොමිසම පෙන්වා දී තිබේ.

වාහනයක් ආරක්ෂා කිරීම සඳහා පුද්ගලයෙකුගේ ආරක්ෂාව අවදානමට ලක් කළ යුතු නොවන බව ද අවධාරණය කළ කොමිසම, රථයේ රක්ෂණය කළ වටිනාකම වන ඉන්දීය රුපියල් ලක්ෂ 70ක මුදල ගෙවන ලෙස නියෝග කර ඇත.

ඊට අමතරව මානසික පීඩාව සහ හිරිහැර වෙනුවෙන් ඉන්දීය රුපියල් 50,000ක් ද නඩු කටයුතු සඳහා වැය වූ මුදල් වෙනුවෙන් රුපියල් 25,000ක් ද ගෙවන ලෙස රක්ෂණ සමාගමට නියම කර තිබේ. ඒ අනුව, පොලියට අමතරව ගෙවිය යුතු මුළු මුදල ඉන්දීය රුපියල් ලක්ෂ 70.75කි.

සුඩාන-ඊජිප්තු දේශසීමාවේ දැවැන්ත ගුවන් ප්‍රහාරයක් - පතල් කම්කරුවන් 72ක් අමු අමුවේ ජීවිතක්ෂයට

සුඩාන-ඊජිප්තු දේශසීමාවේ දැවැන්ත ගුවන් ප්‍රහාරයක් - පතල් කම්කරුවන් 72ක් අමු අමුවේ ජීවිතක්ෂයට