කටුනායකින් තුර්කිය බලා ගිය ගුවන් යානකට අනතුරක් - ආරක්ෂිතව ගොඩබෑමට සියලු උත්සහයන් ගනී
අද (11) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගිය A330 වර්ගයේ මගී ගුවන් යානයක කුරුල්ලෙකු ගැටීමේ අනතුරක් සිදුව තිබේ.
මෙම හදිසි තත්ත්වය හේතුවෙන් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ආපසු හරවා ගොඩබෑමට තීරණය කර ඇති අතර, යානයේ බර අඩු කර ගනිමින් ආරක්ෂිතව ගොඩබෑමට අවශ්‍ය කටයුතු සූදානම් කිරීම සඳහා එය මේ වනවිට හලාවත ප්‍රදේශයේ අහසේ ඉතා පහතින් පියාසර කරමින් ඉන්ධන දහනය කිරීමේ (Fuel Dumping) නිරතව සිටින බව වාර්තා වෙයි.