ප්‍රවාහන ක්ෂේත්‍රයේට සුබ ආරංචියක්

Report

යුරෝප සංචාරයක යෙදී සිටින ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ බෙල්ජියමේ ප්‍රවාහන සහ පරිසර අමාත්‍ය ෂෝ-ලුක් කෘක් මහතා අතර වැදගත් හමුවක් පසුගියදා ( 23) බෙල්ජියමේ ප්‍රවාහන සහ පරිසර අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙහිදී අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් තම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන පිළිබඳව සහ ආයෝජන අවස්ථා පිළිබඳව බෙල්ජියම් අමාත්‍යවරයාව දැනුවත් කළේය.

ලොවක් විශ්මයට පත් කරමින් සැබෑ කරගත් මව් සිහිනය

ලොවක් විශ්මයට පත් කරමින් සැබෑ කරගත් මව් සිහිනය

බෙල්ජියමේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය තාක්ෂණික දැනුම හුවමාරු කිරීම සඳහා ඉදිරියේදී එකඟතාවකට පැමිණ ඇති අතර, ඒ සඳහා අවශ්‍ය කටයුතු සැකසීමටද එකඟ වී තිබේ.

මෙම සාකච්ඡාවට බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති චන්දන වීරසේන මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී වූහ. මෙම හමුව මගින් දෙරට අතර ප්‍රවාහන ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට පදනමක් සැකසී ඇති බව පෙනේ.

ඇමති ආනන්ද කියපු නුවරඑළියේ 'අයිස් ෆැක්ටරිය' ගැන වාර්තාව තවමත් නෑ - පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි

ඇමති ආනන්ද කියපු නුවරඑළියේ 'අයිස් ෆැක්ටරිය' ගැන වාර්තාව තවමත් නෑ - පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි