TikTok සමග එකතු වූ අලුත්ම සාමාජිකයා..
By Sewvandhi
TikTok සමාජ මාධ්‍ය සමග අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් එක්වී තිබේ.
ජනාධිපතිවරයා "@bidenhq" යන පරිශීලක නාමය යටතේ TikTok ගිණුම ආරම්භ කර ඇති අතර "lol hey guys" පාඨය යටතේ සිය පළමු වීඩියෝව නිකුත් කර තිබිණි.
වාර්තා වන්නේ, මෙම ගිණුම මැතිවරණ ප්‍රචාරක කණ්ඩායම විසින් හසුරුවනු ලබන බවයි.
ආරක්ෂක හේතූන් මත අමෙරිකානු රජයේ උපාංග රැසකින් TikTok තහනම් කර ඇති පසුබිමකයි, ජනාධිපති බයිඩන් මෙලෙස TikTok ගිණුමක් ආරම්භ කළේ.