බිරිඳ ඝාතනය කර කොටස් දහයකට කපා ගමන් මල්ලක සඟවා සැමියා පළා ගිහින්!

Government Of India India Crime Law and Order
By Shehan 4 days ago
Shehan

Shehan

Report

ඉන්දියාවේ බැංගලෝර් සිට 36 හැවිරිදි සැමියෙකු විසින් තම බිරිඳ ඝාතනය කර, ඇගේ සිරුර කැබලි කර ගමන් මල්ලක සඟවා පළා ගිය සිදුවීමක් වාර්තා වෙනවා.

මෙම ඝාතනයට ගොදුරු වූයේ 32 හැවිරිදි ගෞරි අනිල් සම්බෙකර් නම් කාන්තාවක් වන අතර, ඇය රාකේෂ් නම් සිය සැමියා සමඟ විවාහ වී වසරක පමණ කාලයක් බැංගලෝර්හි ජීවත් වූ බව සඳහන්.

පසුගිය බදාදා රාත්‍රියේ ඔවුන් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු වන්නට ඇතැයි පොලිසිය සැක කරනවා.

ලොවක් කම්පා කළ බිහිසුණු භූ කම්පනයෙන් මියගිය ගණන තවත් ඉහළට!

ලොවක් කම්පා කළ බිහිසුණු භූ කම්පනයෙන් මියගිය ගණන තවත් ඉහළට!

මෙම යුවළ ජීවත් වූ නිවසේ ගමන් මල්ලක කැබලි කරන ලද මළ සිරුර සඟවා තිබියදී සොයා ගැනීමත් සමඟ මෙම බිහිසුණු අපරාධය හෙළි වී තිබෙනවා.

මූලික අධිකරණ වෛද්‍ය පරීක්ෂණවලට අනුව, ගෞරිගේ බෙල්ලට සහ උදරයට පිහියෙන් කිහිප වතාවක් ඇන තිබෙන අතර, පසුව ඇගේ සිරුර කොටස් 8ත් 10ත් අතර ප්‍රමාණයකට කපා ගමන් මල්ලක සඟවා ඇති බව පැවසෙනවා.


අපරාධයෙන් පසු, සැකකාර රාකේෂ් ගෞරිගේ දෙමාපියන්ට දුරකථන ඇමතුමක් ලබා දී තමන් මෙම ක්‍රියාව සිදු කළ බව පාපොච්චාරණය කර ඇති බව වාර්තා වෙනවා. මෙයින් කම්පා වූ ගෞරිගේ දෙමාපියන් මහාරාෂ්ට්‍ර පොලිසියට ඒ බව වහාම දැනුම් දී ඇති අතර, ඉන්පසු බැංගලෝර් පොලිසිය සමඟ එක්ව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

බැංගලෝරයෙන් පළා ගිය රාකේෂ්ගේ දුරකථන වාර්තා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු පූනේහිදී සොයා ගෙන තිබෙනවා. ඔහුව සොයා ගන්නා විට රාකේෂ් සිහිසුන්ව සිට ඇති අතර, ඔහු සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බවත්, ඒ සඳහා වස පානය කර ඇති බවත් හෙළි වී තිබෙනවා.

මියන්මාරයේ සිටින ලාංකීකයන්ට විශේෂ දැනුම්දීමක්!

මියන්මාරයේ සිටින ලාංකීකයන්ට විශේෂ දැනුම්දීමක්!

දැනට රාකේෂ් පූනේහි රෝහලක ප්‍රතිකාර ලබන අතර, ඔහුගේ තත්ත්වය ස්ථාවර වූ පසු විමර්ශන සඳහා බැංගලෝරයට රැගෙන ඒමට පොලිස් කණ්ඩායමක් ඒ වන විටත් පූනේ වෙත ගොස් ඇති බව වාර්තා වෙනවා.

සැකකාර සැමියා තාක්ෂණික වෘත්තිකයෙකු වන අතර, ඔහු නිවසේ සිට රැකියා කටයුතුවල නිරත වී තිබෙනවා. ඝාතනයට ලක් වූ ගෞරි ජනමාධ්‍ය උපාධියක් හදාරා අවසන් කර නිවසේ රැඳී සිටි බව හෙළි වී තිබෙනවා.

ReeCha