ට්‍රම්ප් නිසා බෙල්ජියම් කුමරිය කනස්සල්ලෙන්
ලෝකයේ ප්‍රකට හාවඩ් විශ්වවිද්‍යාලය, වසර 389ක ඉතිහාසයකට උරුමකම් කියමින්, බරපතළ අභියෝගවලට මුහුණ දෙමින් සිටින බව වාර්තා වී ඇත .ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය හේතුවෙන් බවයි අනාවරණය වී ඇත්තේ.
ට්‍රම්ප් විශ්වවිද්‍යාල වලින් ඉල්ලා සිටියේ පරිශ්‍රය තුළ ශිෂ්‍ය විරෝධතා තහනම් කරන ලෙසයි. නමුත් හාවඩ් විශ්වවිද්‍යාලය මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ට්‍රම්ප් ඩොලර් බිලියන 2.2ක ප්‍රදාන සහ ඩොලර් මිලියන 60ක කොන්ත්‍රාත්තු හදිසියේ ම අත්හිටුවීය.
මෙම තත්ත්වය තුළ, ට්‍රම්ප් පරිපාලනය හාවඩ් විශ්වවිද්‍යාලයට විදේශීය සිසුන් ඇතුළත් කිරීම ද තහනම් කළේය.
සෑම වසරකම විදේශයන්ගෙන් 800 කට ආසන්න පිරිසක් හාවඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබයි. නමුත් , මෙම තහනම හේතුවෙන් විශ්වවිද්‍යාලය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි සඳහන් වන්නේ. මෙම නියෝගයට එරෙහිව හාවඩ් විශ්වවිද්‍යාලය අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර, දිස්ත්‍රික් අධිකරණය ට්‍රම්ප්ගේ තීරණය තාවකාලිකව අත්හිටුවීය.
මෙය හාවඩ්හි අධ්‍යාපනය ලබන දහස් ගණනක විදේශීය සිසුන්ට තාවකාලික සහනයක් ලබා දී තිබේ.
මේ අතර, අනාගත බෙල්ජියම් රැජින වන එලිසබෙත් කුමරිය (වයස 23) හාවඩ්හි පළමු වසර අධ්‍යාපනය සම්පූර්ණ කර ඇත. ට්‍රම්ප්ගේ තීරණ හේතුවෙන් ඇයගේ අධ්‍යයන කටයුතු දැනට බාධාවකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
“එලිසබෙත් කුමරිය ඇගේ පළමු වසර අධ්‍යයන කටයුතු සම්පූර්ණ කර තිබේ. ට්‍රම්ප් පරිපාලනයේ තීරණයේ බලපෑම ඉදිරි දිනවලදී පැහැදිලි වනු ඇත. අපි දැනට තත්ත්වය තක්සේරු කරමින් සිටිමු,” යනුවෙන් බෙල්ජියම් රාජකීය මාලිගාවේ ප්‍රකාශක ලෝර් වැන්ඩූර්න් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර සිටියා
