මෙන්න මෙහෙම සිඟාකෑම නීතියෙන් තහනම් බව ඔබ දැනගෙන සිටියාද? - යාචක සංගම් වලට රතු එළියක්.

Sri Lanka Police Kandy Sri Lanka Begging
By Wayomi Jun 30, 2024 01:54 PM GMT
Wayomi

Wayomi

Report

සිඟාකෑම නීතියෙන් තහනම් බැවින් යාචක සංගම් බිහිකිරීමට කිසිසේත් ඉඩක් නොමැති බව නීතිඥ වෛද්‍ය පාලිත බණ්ඩාර සුභසිංහ මහතා ප්‍රකාශ කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ, 1941 අංක හතර පාදඩ ආඥා පනතේ තුන හතර වගන්ති මත සහ දණ්ඩ නීති සංග්‍රහයේ 288 වගන්තිය යටතේ සිඟා කෑම තහනම් ක්‍රියාවක් බවත් මහමග සිට සිරුරේ විකෘතිතා හෝ තුවාල පෙන්වමින් සිඟා කෑම පුණ්‍ය කටයුතුවලට හෝ රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර පිණිස බව කියමින් මුදල් රැස් කිරීම දරුවන් පෙන්වමින් සිඟා කෑම නීතියෙන් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවයි.

" ගින්දර දුන්නේ ඇයි කියපන් දුවේ මට.." - හිරුණිකාව බන්ධනාගාරයට රැගෙන යද්දී මවගේ වේදනාව කැමරාවේ සටහන් වූ අයුරු. - (PHOTOS)

" ගින්දර දුන්නේ ඇයි කියපන් දුවේ මට.." - හිරුණිකාව බන්ධනාගාරයට රැගෙන යද්දී මවගේ වේදනාව කැමරාවේ සටහන් වූ අයුරු. - (PHOTOS)


ඒ, අනුව එවැනි නීති විරෝධී කණ්ඩායමකට කිසිසේත්ම සංගමයක් පවත්වාගෙන යාමට ඉඩක් නැති බවද එවන් තත්ත්වයක් ඇත්නම් ඔවුන්ට නීතිය මඟින් දඬුවම් ලබාදීමට ක්‍රියාත්මක විය හැකි බවද ඔහු අවධාරණය කරනවා.

අද මධ්‍යම රාත්‍රී සිටම බස් ගාස්තු අඩු වෙයි ද? නැති වෙයිද? - අඩු වුණොත් එහි වාසිය ගන්නේ මෙහෙමයි. හරිම විස්තරය මෙතැනින් බලන්න.

අද මධ්‍යම රාත්‍රී සිටම බස් ගාස්තු අඩු වෙයි ද? නැති වෙයිද? - අඩු වුණොත් එහි වාසිය ගන්නේ මෙහෙමයි. හරිම විස්තරය මෙතැනින් බලන්න.


ඔහු මේ බව සඳහන් කළේ, පසුගිය 26 වෙනිදා පස්වරුවේ නගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මිය විසින් පෙරහර කමිටු රැස්වීමේදී මහනුවර යාචක සංගමයක් ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

6න් 5ක්ම මිය ගිහින් . -ඉතිරි ධීවරයා බේර ගන්න ලොකු සටනක්. - 5 දෙනාගේ මළසිරුරු අරන් යයි.

6න් 5ක්ම මිය ගිහින් . -ඉතිරි ධීවරයා බේර ගන්න ලොකු සටනක්. - 5 දෙනාගේ මළසිරුරු අරන් යයි.


මේ සම්බන්ධයෙන් මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතා කියා සිටියේ, නාගරික කොමසාරිස්වරිය එවැන්නක් ප්‍රකාශ කළ නමුත් මහනුවර යාචක සංගමයක් ඇති බවට තොරතුරු අනාවරණය වී නොමැති බවයි.

ඒ, අනුව යම් හෙයකින් එවැනි සංගමයක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් කටයුතු කරන බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරවරයා වැඩිදුරටත් කියා සිටියේ.  

අඩේ ඒ මොකක්ද ඒ රියදුරාට වුණේ.? - අතරමඟ දුම්රිය නවතා පලා යද්දී මඟීන් පස්සෙන් දුවන් ගිහින් අල්ලාගත්ත හැටි.. - (VIDEO)

අඩේ ඒ මොකක්ද ඒ රියදුරාට වුණේ.? - අතරමඟ දුම්රිය නවතා පලා යද්දී මඟීන් පස්සෙන් දුවන් ගිහින් අල්ලාගත්ත හැටි.. - (VIDEO)