මෙතෙක් රජවරුන් කල දලදා ප‍්‍රදර්ශණය මුල්වරට අන්දරේ කෙනෙක් කරලාලු..

Report

ඉතිහාසයේ සෑම වතාවකම දළදා ප්‍රදර්ශනයකදී රජවරැන් විසින් බවත් පළවෙනි වතාවට අන්දරේ කෙනෙක් එය සංවිධානය කර ඇති වූ බවත් සමාජ ජාලාවල වාර්තා පළවෙමින් ඇති බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ කියා සිටිති.

ගෝලීය එන්නත්කරණය අවදානමක

ගෝලීය එන්නත්කරණය අවදානමක

දළදා වන්දනාව සංවිධානය කර තිබූ ආකාරය දකින විට විශාල කම්පනයක් ඇති වූ බවද උන්වහන්සේ පැවසූහ. වියදම් අඩු කිරීම යනු හිඟනකම නොවන බවත් අපේ නොහැකියාව ලොවට පෙන්වීම නොවන බවත් උන්වහන්සේ පැවසූහ.

සජබයෙනුත් දෙන්නෙක් වතිකානයට...(VIDEO)

සජබයෙනුත් දෙන්නෙක් වතිකානයට...(VIDEO)


රාජ්‍ය අනුග්‍රහය මෙවර දළදා ප්‍රදර්ශනයට සැලකිය යුතු මට්ටමින් නොලැබී තිබූ බවත් මහනුවර නගරයේ බෞද්ධ කොඩි, විදුලි බුබුලි වැල් වලින් සරසා වෙනදා මෙන් අලංකාර කර නොතිබූ බවටද උන්වහන්සේ චෝදනා කරති. මෙවර දළදා ප්‍රදර්ශනයේදී මහානායක හිමිවරුන්, දියවඩම නිලමේ ඇතුළු ඒ සම්බන්ධයෙන් අත්දැකීම් පළපුරුද්ද ඇති පිරිසගේ අදහස් සලකා නැති බවටද උන්වහන්සේ පැවසූහ.