මුතු ඇටේ හැඩ බලන්න ආපු කෙනෙක්ට ගහලා
සංචාරක ව්‍යාපාරය රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දුන්නද ඇතැම් විදෙස් සංචාරකයින්ට ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව වාර්තා වේ.
එම තත්ත්වය මත ශ්‍රී ලාංකිකයෙකු විසින් වැලිගම ප්‍රදේශයේ දී මෙරටට පැමිණි පිලිපීන ජාතිකයෙකුට පහර දී තිබෙනවා.
මෙසේ පහර දී ඇත්තේ සර්ෆින් ක්‍රීඩාවට ගිය පිලිපීන සංචාරකයෙකුට බව ද සඳහන්. ඔහු නමින් THE LOST JOEY නැමැත්තෙක්.
ඒ අනුව මොහු මීට සති තුනකට පමණ පෙර ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සඳහන්.
එසේම මෙම පිලිපීන ජාතිකයා සමාජ මාධ්‍ය (youtube) ක්‍රියාකරුවෙක් ද වනවා.
එදා සිට අද වනතුරුම ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හඳුන්වන ශ්‍රී ලංකාව වෙත ලොව පුරා සිටින විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය ලැබී පවතී.
ඒ අනුව මෙරට වට වී ඇති සුන්දර සාගර සම්පත නරඹා එහි ආශ්වාදය විඳීමටත් දෙස් විදෙස් සංචාරකයින් දැඩි රුචියක් දක්වයි.
මේ නිසාවෙන්ම කල්පිටිය, ගාල්ල, මාතර, වැලිගම, ත්‍රිකුණාමලය, පාසිකුඩා ආදී වෙරළ තීර සංචාරකයින්ගෙන් නිරන්තරයෙන් පිරී යයි.
මෙරටට සංචාරකයින් 988,000කට වැඩි පිරිසක් වසරේ ගත වූ කාලය ඇතුළත දී පැමිණ ඇත.
ඒ අතර මෙරට සුන්දරත්වය මුළු ලොවට පෙන්වීමට එන විදෙස් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ද වේ.
