මේ දිනවල දිවයිනට බලපා ඇති උණුසුම් කාලගුණ තත්වය හමුවේ ඔබේ දරුවා පිළිබද වැඩි අවදානයෙන් ඉන්න..

Ministry of Education Sri Lanka Department of Meteorology Heat wave Weather
By Piyumika Feb 16, 2025 07:16 AM GMT
Piyumika

Piyumika

Report

මේ දිනවල දිවයිනට බලපා ඇති උණුසුම් කාලගුණ තත්වය හමුවේ, දරුවන් පාසල්වලදී කටයුතු කරන ආකාරය සමීපව අධ්‍යනය කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් නාලක කලුවැව කියා සිටියේ, මේ දිනවල පාසල් ක්‍රියාකාරකම් සිදු කිරීමට අදාළව සෞඛ්‍ය බලධාරීන් කිසියම් නිර්දේශ ඉදිරිපත් කළහොත් ඒ පිළිබඳ අවධානය යොමු කරන බවයි.

මේ සම්බන්ධයෙන් හෙට දිනයේ දී සාකච්ඡා කර අවශ්‍ය වුවහොත් විදුහල්පතිවරුන් වෙත ඊට අදාළ උපදෙස් නිකුත් කිරීමට කටයුතු කරන බවද ලේකම්වරයා ප්‍රකාශ කළා.

සුපිරි ටෙනිස් ක්‍රීඩකයෙක්ට තරග තහනමක්..

සුපිරි ටෙනිස් ක්‍රීඩකයෙක්ට තරග තහනමක්..

පාසල් සිසුන් විෂය සමගාමී ක්‍රියාකරකම් සහ ක්‍රීඩා උත්සව පුහුණුවීම් වල නිරතවීමේ දී හිරු එළියට නිරාවරණය වීම අවම මට්ටමකින් පවත්වා ගත යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.

ශ්‍රී ලංකාව ඇතුලු ලෝකයේ සමකාසන්න කලාපයේ රටවල් රැසකටම මේ දිනවල අධික උෂ්ණත්වයක් බලපා තිබෙනවා.ඒ අනුව, ආසියා, අප්‍රිකා සහ ඕස්ටේ්‍රලියා මහද්වීප රටවල් මෙහි දැඩි බලපෑමට ලක්ව ඇති බව සදහන්.

පෙබරවාරි මාසය තුළ සාමාන්‍යයෙන් ගෙවෙන්නේ ඊසාන දිග මෝසමේ අවසන් කාල පරිච්ඡේදයයි.දිවයිනට බලපාන පළමු අන්තර් මෝසම් කාල පරිච්ඡේදය මාර්තු හා අප්‍රේල් මාස තුළ එළැඹෙනවා.එම කාලය තුළ උදෑසන සූර්යාලෝකය තදබල ලෙස පොළොවට පතිතවන අතර සුළං ධාරාවන්වලද සැලකියයුතු අඩුවක් මේ දිනවල නිරීක්ෂණය කළ හැකියි.

පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් පාසල් ක්‍රීඩා උත්සව පැවැත්වීමේදී බලධාරීන් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියා.

ජල වාෂ්ප වායුගෝලයට එකතු වුවද වළාකුළු නිර්මාණය වීමේ ප්‍රවණතාව අඩුවීම මත මාර්තු අප්‍රේල් මාස දෙක තුළ මිනිස් සිරුරට දැනන උෂ්ණත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ.

දුර්ලභ දසුනක්..බලන්නකෝ දියරකුසෙක් වගේ පෙනුම තියන් එයා කරලා තියන හපන් කම...

දුර්ලභ දසුනක්..බලන්නකෝ දියරකුසෙක් වගේ පෙනුම තියන් එයා කරලා තියන හපන් කම...

විශේෂයෙන්ම කොළඹ, ගාල්ල, රත්නපුර, ත්‍රිකුණාමලය, මඩකලපුව, මන්නාරම, අනුරාධපුරය සහ යාපනය යන දිස්ත්‍රික්කවල මේ දිනවල උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ත් 36ත් අතර අගයක පවතිනවා.

මෙම තත්ත්වය හමුවේ මිනිස් සිරුරට දැනෙන උණුසුම ද ඉහළ යාමෙන් සෞඛ්‍ය ගැටලු‍ ඇතිවිය හැකි බැවින් වැඩි වශයෙන් ජලය හෝ ස්වභාවික දියර වර්ග පානය කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නා.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ අද දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණ තත්ත්වයක් පවතින බවයි.උතුරු, උතුරු මැද , නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේ ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

You may like this video

ReeCha