“කාන්තාවන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න” – මඩකලපුවෙන් ජනාධිපතිට තදබල පෙත්සමක්

Report

නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගත් කාන්තා ජාලයක් වන ආපදා කළමනාකරණය සඳහා වූ කාන්තා සන්ධානය මඩකලපුවේ ජනතාව සමඟ එක්ව  මාර්තු 8 ජාත්‍යන්තර කාන්තා දිනයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මඩකලපුවේ පදිංචිකරුවන් 1,803 දෙනෙකු විසින් අත්සන් තැබූ මෙම පෙත්සම මගින් ඉල්ලා සිටින්නේ, කාන්තාවන්ගේ ගෞරවය, සමානාත්මතාවය සහ යුක්තිය සැබවින්ම ආරක්ෂා කිරීමට හැකි ස්වාධීන ආයතනයක් ලෙස ජාතික කාන්තා කොමිසමක් ස්ථාපිත කර එය ශක්තිමත් කරන ලෙසයි.

ශ්‍රී ලංකාව පුරා කාන්තාවන් සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කරමින් ජාතික කාන්තා කොමිසමක් ස්ථාපිත කළ යුතු බව අපි තරයේ ඉල්ලා සිටිමු.

කාන්තාවන් ලෙස අපි දිගටම බරපතල ගැටළුවලට මුහුණ දෙමු.

අපගේ ගැටළු විසඳීම සඳහා ජාතික කාන්තා කොමිසම අත්‍යවශ්‍ය බව අපි විශ්වාස කරමු, යැයි ආපදා කළමනාකරණය සඳහා වූ කාන්තා සන්ධානය මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

මෙම පෙත්සම ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේදී ඉදිරිපත් කිරීම මගින් කාන්තා අයිතිවාසිකම් හා සමානාත්මතාවය පිළිබඳ රජයේ වගකීම් ඉටු කිරීමට බලපෑම් කිරීමේ අරමුණක් ඇති බව සංවිධානය සඳහන් කළේය.

ජනාධිපතිවරයා මෙම ඉල්ලීම් සැලකිල්ලට ගෙන කඩිනම් පියවර ගන්නා ලෙසත් ඔවුන් ඉල්ලා සිටියහ.

යුද්ධයේ උණුසුම බංගලාදේශයටත් - විශ්වවිද්‍යාල වසා දැමීමට තීරණයක්

යුද්ධයේ උණුසුම බංගලාදේශයටත් - විශ්වවිද්‍යාල වසා දැමීමට තීරණයක්

ලොව පුරා කොටස් වෙළඳපොළේ පසුබෑමක්

ලොව පුරා කොටස් වෙළඳපොළේ පසුබෑමක්