මඩකලපුව දිස්ත්‍රික්කය - සමස්ථ මැතිවරණ ප්‍රතිඵලය..

Report

2024 ජනාධිපතිවරණයේ දී මඩකලපුව දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිපලය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව  සජිත් ප්‍රේමදාස මහතා මනාප 139,110 ක් ලබාගෙන පෙරමුණේ පසු වෙයි.

එමෙන්ම, රනිල් වික්‍රමසිංහ මහතා මනාප 91,132ක් ලබා ගැණින.

කෙසේ වෙතත්, අනුර කුමාර දිසානායක මහතාට ලබා ගැනීමට හැකි වූයේ මනාප 38,832ක් පමණී.  

මේ අතර, 2019 මැතිවරණයේ දී මඩකලපුව දිස්ත්‍රික්කයේ සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 238,649 ලබා පළමු ස්ථානයේ පසු විය.

එමෙන්ම, ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද 38,460 ක් ද අනුර කුමාර දිසානායක ඡන්ද 156ක් ද ලබා ගැනීමට සමත් විය.

මෙහිදී සජිත් ප්‍රේමදාස මඩකලපුව ආසනය වැඩි ඡන්ද ලක්ෂයකට ආසන්න ප්‍රමාණයකින් ජයග්‍රහණය කරමින් පහසුවෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ ආසන තුනම ලබා ගත්තේ ය.

2015 මැතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා තරඟ වැදීය.

එයින් මෛත්‍රිපාල සිරිසේන මහතා  ඡන්ද 209,422 ක් ලැබීය.

එමෙන්ම, මහින්ද රාජපක්ෂ මහතා 41,632 ක් ලෙස මනාප බෙදී යාම සිදුවුණා.