සීලරතන හිමිට මැර ප්‍රහාරයක් - වහාම රෝහල්ගත කරයි
ජන සෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් හදිසි මැර ප්‍රහාරයකට ලක්ව ගම්පහ දිස්ත්‍රික් මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වීරගුල පොලීසිය පවසයි.
විහාරස්ථානයක පැවැති ආදාහන පූජෝත්සවයක සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමේ රැස්වීමක් අතරතුරදී උන්වහන්සේ වෙත මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ සීලරතන හිමියන් වහාම ගම්පහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, උන්වහන්සේ මේ වන විට එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.
ප්‍රහාරය එල්ල කිරීමෙන් අනතුරුව ඊට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව වීරගුල පොලීසිය සඳහන් කළේය.
ප්‍රහාරයට මුල් වූ නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වීරගුල පොලීසිය වැඩිදුර විමර්ශන සක්‍රීයව මෙහෙයවයි.