05 ශේණිය ශිෂ්‍යත්ව විභාගයට ලබන වසරේ සිට වෙන දේ..04 සහ 05 පංතිත් ඈඳයි.(PHOTOS)

Report

ලබන වසරේ සිට 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පවතින තත්ත්වයට වඩා සරල කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරනවා.

05 ශේණිය ශිෂ්‍යත්ව විභාගයට ලබන වසරේ සිට වෙන දේ..04 සහ 05 පංතිත් ඈඳයි.(PHOTOS) | A Special Message About The Scholarship Exam

අමාත්‍යවරයා කියා සිටියේ, විභාගවලින් ලකුණු ලබා ගන්නා ආකාරය අනුව සිසුන් ඇගයීම ඉදිරියේදී සිදුනොකරන බවයි.

අද අධ්‍යාපන අමාත්‍යාංශයේදී, මෙවර ශිෂ්‍යත්ව විභාගයේ සහ 2022 සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළ ලකුණු ලබා ගත් දරු දැරියන් ඇගයීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ශිෂ්‍යත්ව විභාගයෙන් ලබා ගන්නා ලකුණු මෙන්ම 4, 5 ශ්‍රේණි දෙක තුල පන්ති කාමරය සිදුකරනු ලබන ඇගයීම් වලින් සියයට 30 ක් ලකුණු ලබා ගැනීම ලකුණු ලබා දීමේදී අවධානයට යොමුවී තිබීමද විශේෂත්වයක්.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඒ සඳහා සිසුන්ගේ අඛන්ඩව පාසල් පැමිණීම ද ඉතාමත් වැදගත් වන බවයි.

මේ අතර, එම සිසුන්ට ලැප්ටොප් පරිඝණක සහ ටැබ් යන්ත්‍ර ලබාදීම Abans ආයතනයේ අනුග්‍රහයෙන් සිදුකරන ලැබීමද විශේෂත්වයක්.


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery