ක්‍රිකට් පුරාවෘත්තය ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් වෙනුවෙන් බාබඩෝස්හි දින දෙකක ජාතික ශෝකයක්

Report

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ අග්‍රගණ්‍ය ක්‍රීඩකයකු වන ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාගේ අභාවය වෙනුවෙන් බාබඩෝස් රජය විසින් දින දෙකක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් අමරණීය සේවයක් ඉටු කළ සෝබර්ස් මහතා මියයන විට 89 වැනි වියේ පසුවිය. සිය 90 වැනි උපන්දිනය සැමරීමට තවත් දින 11ක් තිබියදී ඔහු ඊයේ (17) අභාවප්‍රාප්ත වී තිබේ.

ශ්‍රීමත් ගාෆීල්ඩ් ශාන්ත ඕබින් සෝබර්ස්ගේ අභාවය සිදුවූ දිනය සහ ඔහුගේ අවසන් කටයුතු සිදුකරන දිනය බාබඩෝස් රජය විසින් ජාතික ශෝක දින ලෙස නම් කර ඇත. බාබඩෝස් අග්‍රාමාත්‍ය මියා මොට්ලි විසින් එරට ගුවන් විදුලි සහ රූපවාහිනී මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව නිවේදනය කළාය.

ඇය සඳහන් කළේ ශෝක දින දෙක තුළ කිසිදු නිල රාජ්‍ය උත්සවයක් නොපැවැත්වෙන බවත්, සෝබර්ස් මහතාගේ දේහය අවසන් ගමන් යන තෙක් බාබඩෝස් ජාතික ධජය අඩකුඹු කර තබන බවත්ය.

රාජ්‍ය අවමංගල්‍යය පැවැත්වෙන ස්ථානය, දිනය සහ අනෙකුත් කටයුතු පිළිබඳ තොරතුරු බාබඩෝස් කැබිනට් කාර්යාලය සහ ආරක්ෂක බළකාය එක්ව සම්බන්ධීකරණය කර ඉදිරියේදී දැනුම් දෙන බවද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

රෝහිත් ශර්මාගේ යුගය අවසන්ද - 2027 ලෝක කුසලානයට පෙර ‘හිට්මෑන්’ට විවේකයක් දෙන්න සුදානමක්

රෝහිත් ශර්මාගේ යුගය අවසන්ද - 2027 ලෝක කුසලානයට පෙර ‘හිට්මෑන්’ට විවේකයක් දෙන්න සුදානමක්

“සර් ගැරී, බාබඩෝස් දේශය, බටහිර ඉන්දීය කොදෙව් කලාපය සහ සමස්ත ලෝකයම ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා. අපි ඔබට සැමදා ආදරය කරනවා” යනුවෙන් ඇය සිය ශෝක පණිවිඩය අවසන් කර තිබේ.

මේ අතර, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයේ සභාපති කිෂෝර් ෂලෝ මහතාද සෝබර්ස් මහතාගේ අභාවය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කර ඇත.

ඔහු සඳහන් කර ඇත්තේ සෝබර්ස් මහතා සිය ජීවන ඉනිම අවසන් කළද, ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට ලබාදුන් අතිවිශිෂ්ට දායකත්වය සහ තැබූ උරුමය කැරිබියන් ජනතාවගේ මෙන්ම ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ හදවත් තුළ සදාකාලිකව රැඳෙනු ඇති බවයි.

LPL ආරම්භක තරගයෙන් ගෝල් ගැලන්ට්ස් සුපිරි ජයක් වාර්තා කරයි

LPL ආරම්භක තරගයෙන් ගෝල් ගැලන්ට්ස් සුපිරි ජයක් වාර්තා කරයි