බැංකුවෙ සල්ලි දානවනම් මෙන්න හොදම ක්‍රමය..ගණුදෙනු කරුවන්ට ඉහළ පොලී අනුපාතයක්..

Central Bank of Sri Lanka Ranil Wickremesinghe Ranjith Siyambalapitiya Sri Lanka Government Businessman
By Aruna May 11, 2024 02:15 AM GMT
Aruna

Aruna

Report

ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යන්ගේ තැන්පතු සඳහා පිරි­න­මන පොලී අනු­පාත ඉහළ දැමීම සම්බ­න්ධ­යෙන් ක්‍රියා­ත්මක කළ යුතු ක්‍රම­වේ­දය ඇතු­ළත් සවි­ස්ත­රා­ත්මක වාර්තා­වක් තමාට දෙන්නැයි ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා විසින් මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සිය­ඹ­ලා­පි­ටිය මහ­තාට උප­දෙස් දී තිබෙනවා.

මුදල් රාජ්‍ය ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේ, මේ සම්බ­න්ධ­යෙන් ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් ලැබුණු ඉල්ලීම සහ උප­දෙස් සලකා බල­මින් ඉතා ඉක්ම­නින්ම ජ්‍යෙෂ්ඨ පුර­වැසි තැන්පතු පොලී අනු­පාත ඉහළ දැමීම සඳහා ක්‍රම­වේ­ද­යක් ඇතු­ළත් සවි­ස්ත­රා­ත්මක වාර්තා­වක් ඉදි­රි­පත් කිරී­මට පිය­වර ගන්නා බවයි.

සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය පිටවීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..ටියුෂන් ගුරුවරු කරපු දෙයක්..

සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය පිටවීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..ටියුෂන් ගුරුවරු කරපු දෙයක්..


ආර්ථික අර්බුද පැන­නැ­ඟී­මට ප්‍රථම වයස අවු­රුදු 60 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යන්ගේ බැංකු සහ මූල්‍ය ආය­තන ගිණුම් සඳහා වාර්ෂි­කව 15% නොඉ­ක්මවූ පොලී ප්‍රති­ශත පිරි­නමා තිබු­ණත් මේ වන විට එම පොලී ප්‍රති­ශත තනි ඉල­ක්කමේ ප්‍රති­ශත බවට පත් වී තිබීම කනගාටුවට කාරණයක්.

මේ තත්ත්වය නිසා පොලී ආදා­ය­මෙන් ජීවත් වූ බොහෝ ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යන් අප­හ­සු­තා­වන්ට පත්ව ඇති බව සඳ­හන් කර­මින් තමාද දැනු­වත් කර ඇතැයි රංජිත් සිය­ඹ­ලා­පි­ටිය මහතා වැඩිදුරටත් කියා සිටියා.

නිතර වෙනස් වන ඩොලරයට අද එකවරම සිදු වූ දේ ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්.(PHOTOS)

නිතර වෙනස් වන ඩොලරයට අද එකවරම සිදු වූ දේ ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්.(PHOTOS)


ඊට අම­ත­රව ඔවුන් මේ සම්බ­න්ධ­යෙන් වරින් වර ජනා­ධි­ප­ති­ව­ර­යාද දැනු­වත් කොට ඇති බවයි පැවසෙන්නේ.

රංජිත් සිය­ඹ­ලා­පි­ටිය මහතා වැඩිදුරටත් පැවසුවේ, එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස ජනා­ධි­ප­ති­ව­රයා මේ කරුණ පිළි­බඳ සාව­ධා­නව සහ සානු­ක­ම්පි­තව සලකා බලා ඉදිරි ක්‍රියා­මාර්ග ගැනී­මට සවි­ස්තර වාර්තා­වක් දෙන්නැයි ඉල්ලා සිටි බවයි.

ReeCha