සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය පිටවීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..ටියුෂන් ගුරුවරු කරපු දෙයක්..
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පෙරේදා (09දා) පැවැති ඉංග්‍රීසි විෂයට අදාළ විභාගය අතරතුර විභාග මධ්‍යස්ථාන තුනක සිසුන් කීපදෙනකු විසින් වංචනික ලෙස විභාග නීති උල්ලංඝනය කරමින් වට්ස්ඇප් මාර්ගයෙන් ප්‍රශ්නවලට අදාළ පිළිතුරු ගෙන්වා ගැනීමේ උත්සාහයක නිරත වී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසන්නේ, කොළඹ ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථාන දෙකකදී හා හසලක ප්‍රදේශයේ එක් විභාග මධ්‍යස්ථානයකදී මෙම සිද්ධීන් වාර්තා වූ බවයි.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඒ මහතා කියා සිටියේ ය.
විභාගයට පෙර ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුවී නොමැති බවත්, අදාළ සිසුන් විභාගය පැවැත්වෙන අතරතුර උපකාරක පන්ති ගුරුවරුන් හරහා වට්ස්ඇප් මාර්ගයෙන් පිළිතුරු ගෙන්වා ගැනීමක් පමණක් සිදුවී ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියා.
ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, මෙම ක්‍රියාවේ නිරත වූ සිසුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.