ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දැඩි විරෝධය මැද සමස්ත ක්‍රිකට් ක්ෂේත්රයම කැළඹෙයි - ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට පොලීසියෙන් අමානුෂික ප්‍රහාරයක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන් හට සිකුරාදා රාත්‍රියේ ඩකා අසල සවාර් හි පැවති ඔහුගේ කණ්ඩායමේ ප්‍රයිම් බෑන්ක් ක්‍රිකට් සමාජයේ ඩකා ප්‍රිමියර් කොට්ඨාශ ක්‍රිකට් ලීග් තරඟයෙන් අනතුරුව ඩකා ගුවන් තොටුපළේ සිට නිවස බලා යමින් සිටියදී චැටෝග්‍රෑම්හිදී පොලිසිය විසින් පහර දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව වාර්තා වූයේ නගරයේ ලාල්ඛාන් බසාර් ප්‍රදේශය අසලදී ඔහු ගමන් කරමින් සිටි CNG මෝටර් රථය පොලිස් නිලධාරීන් විසින් නතර කර මෙසේ ප්‍රහාර එල්ල කර ඇති අතර ඔවුන්ගේ ආක්‍රමණයට හේතුව නයීම් හසන් නොදැන සිටි බවයි.
එසේම ඔහු සඳහන් කර ඇත්තේ ඔවුන් ඔහුගේ උගුරෙන් අල්ලාගෙන වෙනත් මෝටර් රථයකට තල්ලු කර පොලිස් ස්ථානයකට ගෙන ගිය බවයි.
මේ අතර ඔහු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවට නරඹන්නන් පොලිසියට සඳහන් කර ඇතත් ඔවුන් එය ගණන් නොගත් බව සඳහන්.
ඒ අනුව නයීම් පවසා ඇත්තේ,
"මම කවුද කියලා මම ඔවුන්ට නැවත නැවතත් කිව්වා, නමුත් ඔවුන් සවන් දීම ප්‍රතික්ෂේප කළා. පොලිසිය මට අසීමිත ලෙස පොලුවලින් සහ ප්ලාස්ටික් පයිප්පවලින් පහර දුන්නා. පසුව පොලිස් ස්ථානයේදී මාව හඳුනා ගත් විට, ස්ථානාධිපතිවරයා මට කතා කරන අතරතුර මගේ ඇස් පහත් කරගෙන සිටින ලෙස පැවසුවා. ඔවුන් ඇත්තටම පොලිස් නිලධාරීන් නම්, ඔවුන් මාව පොලිස් වාහනයකට නොගෙන CNG එකකට දාන්න හැදුවේ ඇයි? මට මුළු සිද්ධිය සම්බන්ධයෙන්ම සාධාරණ පරීක්ෂණයක් සහ යුක්තියක් අවශ්‍යයි." යනුවෙයි.
මේ අතර චැටෝග්‍රෑම් මෙට්‍රොපොලිටන් පොලිසියේ නියෝජ්‍ය කොමසාරිස් අමිරුල් ප්‍රකාශ කර ඇත්තේ වැරදිකරුවන් වූවන්ට එරෙහිව පියවර ගන්නා බවයි.
"මෙහෙයුම අතරතුර සම්බන්ධ වූ නිලධාරීන් නිසි ක්‍රියා පටිපාටි අනුගමනය නොකළ බව මුලින් පෙනේ.ඔහුට යුක්තිය ඉටු වන බවට අපි සහතික වන අතර වගකිව යුතු ඕනෑම අයෙකු දඬුවම් කරනු ලැබේ." යනුවෙන්.
කෙසේ වෙතත් බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් ගණනාවක් ඔවුන්ගේ සමාජ මාධ්‍ය පිටුවල මෙම සිදුවීමට ප්‍රතිචාර දැක්වූ අතර, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් සඳහන් කළේ,
"නයීම්ට සිදු වූ දේ කිසිසේත්ම පිළිගත නොහැකියි. මට සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් අවශ්‍යයි. නයීම්ට සිදු වූ දේ ගැන මට රිදෙනවා සහ ලැජ්ජාවක් දැනෙනවා. බංග්ලාදේශ පුරවැසියෙකු ලෙස මම මෙම සිදුවීමට විරෝධය පළ කරනවා. නයීම්, අපි ඔබ සමඟයි!" යනුවෙන්.
සහරාන්ගේ ලෝයර් මම නෙවෙයි හැබැයි හිටපු නඩුවක.. මේවට මාව නවත්වන්න බෑ - සමාජ මාධ්‍ය කළඹපු පුවතේ ඇත්ත නැත්ත මෛත්‍රී එළි කරයි
එසේම නිවේදනයක් නිකුත් කරමින් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය සඳහන් කර ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් "සම්පූර්ණ හා අපක්ෂපාතී පරීක්ෂණයක්" අපේක්ෂා කරන බවයි.
එහි සඳහන් වූයේ, "සිකුරාදා සවස චැටෝග්‍රෑම් හිදී නීතිය ක්‍රියාත්මක කරන ආයතන සාමාජිකයින් කිහිප දෙනෙකු විසින් බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට හිරිහැර කිරීම සහ අපයෝජනය කිරීම සම්බන්ධයෙන් වාර්තා වූ සිද්ධිය සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය සිය දැඩි කනස්සල්ල පළ කරයි. ක්‍රීඩකයා කෙරෙහි ප්‍රදර්ශනය කරන ලද පිළිගත නොහැකි සහ නුසුදුසු හැසිරීම මණ්ඩලය දැඩි ලෙස හෙළා දකින අතර මෙම කාරණය අතිශයින්ම බැරෑරුම් ලෙස සලකයි. ජාතික ක්‍රීඩකයෙකුට එවැනි සැලකීම අතිශයින් කණගාටුදායක වන අතර වහාම අවධානය යොමු කළ යුතුය." යනුවෙන්.
මේ අතර බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සුභසාධන සංගමය ද නයීම්ගේ හිරිහැරයට සම්බන්ධ අයට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලා ඇත.
කෙසේ වෙතත් මේ මස අගදී සිම්බාබ්වේ බලා පැවැත්වෙන එකම ටෙස්ට් තරගය වෙනුවෙන් පිටත්ව යන 15 දෙනෙකුගෙන් යුත් බංග්ලාදේශ සංචිතයට නයීම් නම් කර තිබෙනවා.
2018 දී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව නයීම් මේ වන විට ටෙස්ට් තරග 14 කට ක්‍රීඩා කර ඇත.