කැනඩා බොස්නියා තරගය සමයි - කැනඩාව FIFA ඉතිහාසයේ පළමු ලකුණ වර්තා කරයි

By Malith Madushan Jun 13, 2026 06:35 AM GMT
Report

ඊයේ (12) පැවති කැනඩාව සහ බොස්නියා තරගය 1–1 ලෙස සම තත්ත්වයෙන් අවසන් වීමත් සමඟ කැනඩාවට FIFA ලෝක කුසලාන ඉතිහාසයේ පළමු ලකුණ වාර්තා කිරීමට හැකි විය.

තරගයේ 21 වැනි මිනිත්තුවේදී බොස්නියා කණ්ඩායම වෙනුවෙන් ජෝවෝ ලුකිච් ප්‍රථම ගෝලය වාර්තා කළේය.

ඊට ප්‍රතිචාර ලෙස කැනඩා කණ්ඩායම පන්දුව පාලනය කරමින් සහ අවස්ථා නිර්මාණය කරමින් ගෝලයක් ලබා ගැනීමට ප්‍රබල උත්සාහයක නිරත වුවද, පළමු අර්ධය අවසන් වන තුරුම බොස්නියා ආරක්ෂක පේළිය එම පෙරමුණ රැක ගැනීමට සමත් විය.

දෙවන අර්ධයේදී ද කැනඩාව ප්‍රහාරාත්මක ක්‍රීඩාව ඉදිරියට ගෙන ගිය අතර, ආදේශ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ක්‍රීඩාවට එක් කරමින් පීඩනය වැඩි කළේය.

76 වැනි මිනිත්තුවේදී කයිල් ලැරින් ක්‍රීඩාවට එක් විය. 78 වැනි මිනිත්තුවේදී ඔහු ලබාගත් අවස්ථාවක් සාර්ථකව ගෝලයක් බවට පත් කරමින් කැනඩාව වෙනුවෙන් තරගාවලියේ සම තත්ත්ව ගෝලය වාර්තා කළේය.

එමඟින් තරගය 1–1 ලෙස සම විය. මෙය ලෝක කුසලාන ඉතිහාසයේ කැනඩා පාපන්දු කණ්ඩායම ලබාගත් පළමු ලකුණ සහ පළමු සම තත්ත්වය ලෙස වාර්තා වේ.