යුද්ධයේ උණුසුම බංගලාදේශයටත් - විශ්වවිද්‍යාල වසා දැමීමට තීරණයක්

Report

මැදපෙරදිග යුද්ධය හේතුවෙන් උත්සන්න වී ඇති බලශක්ති අර්බුදය හමුවේ ඉන්ධන පිරිමසා ගැනීම සඳහා ගනු ලැබූ හදිසි ක්‍රියාමාර්ගයක් ලෙස, බංග්ලාදේශයේ සියලු‍ම විශ්වවිද්‍යාල වසා තබන බව එරට රජය නිවේදනය කර ඇත.

එරට රජයේ සහ පෞද්ගලික පාසල් රාමසාන් උපවාස මාසය වෙනුවෙන් දැනටමත් වසා දමා ඇති ඇති අතර මෙම නව තීරණයත් සමඟ එරට බොහෝ අධ්‍යාපන ආයතන ඉදිරි කාලසීමාව තුළ වසා තැබෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

යුද්දෙන් ලංකාවත් බැටකයි - මෙහෙම ගියොත් ලංකාවත් ලෝක අමාරුවක

යුද්දෙන් ලංකාවත් බැටකයි - මෙහෙම ගියොත් ලංකාවත් ලෝක අමාරුවක

මේ අතර තෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ යාමට පිළියම් සෙවීමේ අරමුණින්, ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය සමඟ සම්බන්ධීකරණය වී ඒකාබද්ධව තෙල් සංචිත මුදාහැරීම පිළිබඳව සාකච්ඡා කිරීමට ජී 7 රටවල මුදල් අමාත්‍යවරුන් හදිසි රැස්වීමක් කැඳවා ඇත.

ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ජී 07 නියෝජනය කරන රටවල් තුනක් මෙම යෝජනාව සඳහා මේ වන විටත් සිය සහය පළ කර තිබේ.

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - සෑම මසකම අඛණ්ඩ සැපයුමක්

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - සෑම මසකම අඛණ්ඩ සැපයුමක්