ICC හීනෙකින්වත් හිතපු නැති විදිහට බංග්ලාදේශයෙන් පිළිතුරක්

Report

එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත්කර ඒ සඳහා ස්කොට්ලන්තය ආදේශ කිරීමට ICCය ගත් තීරණය අභියෝග කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට අදහසක් නැති බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව ඊයේ (24) ඩකාහි පැවති රැස්වීමකින් පසුව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ මාධ්‍ය කමිටු සභාපති අම්සාඩ් හොසේන් මේ බව ප්‍රකාශ කර ඇත.

බංග්ලාදේශය මෙවර ලෝක කුසලානයෙන් ඉවත්කිරීමට ගත් තීරණයට විරුද්ධව ඔවුන් ICCහි ආරවුල් විසඳීමේ කමිටුවට යන බවට වාර්තාවන තොරතුරුවලට පිළිතුරු වශයෙන් ඔහු මේ බව කියා ඇත.

T20 ලෝක කුසලානයෙන් බංග්ලාදේශය එළියට විසි කරපු ICC තීරණය

T20 ලෝක කුසලානයෙන් බංග්ලාදේශය එළියට විසි කරපු ICC තීරණය

ඒ අනුව මාධ්‍ය කමිටු සභාපතිවරයා සඳහන් කර ඇත්තේ ICCය තමන්ට එරෙහිව ලබාදුන් තීරණයට එරෙහිව එවැනි කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට තමන්ට අවශ්‍යතාවක් නැති බවයි.

"අපි ICC මණ්ඩලයේ තීරණය පිළිගත්තා. ICCය අපේ තරග ශ්‍රී ලංකාවට මාරු කරන්න බැහැ කියලා කියලා තියෙන නිසා, මේ අවස්ථාවේදී අපිට ඉන්දියාවට ගිහින් ක්‍රීඩා කරන්න බැහැ. අපේ ස්ථාවරයේ එලෙසම ඉන්නවා. අපි වෙනම බේරුම්කරණයකට හෝ වෙනත් කිසිම ක්‍රියාමාර්ගයක් ගැනීමට යන්නේ නැහැ" ඔහු පවසයි.

බංගලාදේශට සිදුවුනේ අසාධාරණයක් - පකිස්ථානය විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වෙයි..

බංගලාදේශට සිදුවුනේ අසාධාරණයක් - පකිස්ථානය විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වෙයි..

ICC සහ බංග්ලාදේශ ක්‍රිකට් පිල සීතල යුද්ධෙක - ක්‍රීිඩා නොකළහොත් කරන්නේ මේකයි ICC එකත් තව දැඩි වෙයි

ICC සහ බංග්ලාදේශ ක්‍රිකට් පිල සීතල යුද්ධෙක - ක්‍රීිඩා නොකළහොත් කරන්නේ මේකයි ICC එකත් තව දැඩි වෙයි