ඡන්දෙට අදාළ පැමිණිලි 168ක්
By Hashini
මේ වන විට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් පැමිණිලි 168ක් ලැබී තිබෙනවා.
මැතිවරණ නීති උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 132ක් ලැබී තිබෙන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
පහරදීම් ඇතුළු සිද්ධීන් වලට අදාලව පුද්ගලයන් 79 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර මෙවර පළාත් පාලන ආයතන මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 18 දෙනෙකුද සිටිනවා.