බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යද්දී පාන් මිල ගැනත් තීරණයක්

Report

තිරිඟු පිටි මිල ඉහළ දැමීමට සමාගම් ගෙන ඇති තීරණය හමුවේ, පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් සංශෝධනය කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා (31) ප්‍රකාශයට පත්කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ, අද (29) දින සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ දැමීමට ප්‍රීමා  සහ සෙරන්ඩිබ්  යන සමාගම් පියවර ගෙන ඇති බවයි.

පොල් ගැන ආපු සුබ ආරංචිය එක්කම රතු එළියකුත් පත්තු වෙයි - රටම බියෙන්

පොල් ගැන ආපු සුබ ආරංචිය එක්කම රතු එළියකුත් පත්තු වෙයි - රටම බියෙන්

පවතින නිෂ්පාදන පිරිවැය සහ පිටි මිල ඉහළ යාම හමුවේ බේකරි නිෂ්පාදකයින් මුහුණ දී ඇති තත්ත්වය පිළිබඳව සංගමයේ විධායක සභාව රැස්වී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත අතර, පාරිභෝගිකයාට මෙන්ම බේකරි නිෂ්පාදකයින්ට ද සාධාරණ වන අන්දමින් සුදුසු තීරණයක් ලබන 31 වනදා දැනුම් දෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන පරිදී රොටි, පරාටා ඇතුළු මේ ආහාරවල මිල ගණන් ඉහළට - වැඩි වෙන මිල ගණන් මෙන්න

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන පරිදී රොටි, පරාටා ඇතුළු මේ ආහාරවල මිල ගණන් ඉහළට - වැඩි වෙන මිල ගණන් මෙන්න